උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ පක්ෂ ලකුණ මුහුණු ආවරණයේ පොලොන්නරුව තේරීම් භාර නිලධාරියා ද වන දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පක්ෂයක ලාංඡනයක් සහිත මුහුණු ආවරණයක් පැළඳ පැමිණි බවට පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට අද (14) පැමිණිලි කළේය. 14 July 2020
කළුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ දැමීමට ගිය 11 ක් අත්අඩංගුවට කළුතර බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ තොගයක් දැමීමට සුදානම් වූ 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. 14 July 2020
ආසාදිතයින් ඇසුරු කළ 647 ක් නිරෝධායනයට කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 647 දෙනෙකු මේවන විට නිරෝධායනයට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. 14 July 2020
පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට කොරෝනා ආසාධිතයකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළි වීමත් සමඟ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු අද 14 දහවල් වනවිට ස්වයංනිරෝධායනයට යොමුකළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි. 14 July 2020
ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ අලෙවි නියොජිත ආයතනයක් වසා දමා එහි සේවය කළ 14 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් නිවෙස් නිරෝධායනයට ලක් කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. 14 July 2020
මීගමු රෝහලට ආ රැඳවියා පළා යන්න ගොස් මහලෙන් වැටී මරුට මීගමුව බන්ධනාගාරයේ සැකකරුවකු හදිසි රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී මාංචු ගලවා පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී එහි 8 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 14 July 2020
කොරෝනා ආසාදිතයන් 5ක් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු අද(14) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2020
රාගම පෞද්ගලික රෝහලක් වසාදමයි රාගම පෞද්ගලික රෝහලක සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 14 July 2020
මුහුදු කූඩැල්ලන් සමඟ තිදෙනකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කළ බවට සැක සහිත මුහුදු කූඩැල්ලන් දැමූ මළු 17ක් කල්පිටිය කන්දකුළිය ප්‍රදේශයේදී ලොරි ප්‍රවාහනය කරමින් තිබියදී තිදෙනෙකු ද සමඟ කල්පිටිය නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන අද (14) කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත. 14 July 2020
ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය අනියම් ඇසුර නතර කිරිම සම්බන්ධයෙන් ඇතිවූ කෝපයෙන් පසු ඇය හා තවත් කාන්තාවන් දෙදෙනකු හා පිරිමියකු තියුණු ආයුධයකින් කපා කොටා පලා ගොස් සැගව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද (14) දහවල් හලාවත නල්ලනායගම් වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 14 July 2020
මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. 14 July 2020
බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය. 14 July 2020
කලවානේ කඩ වහයි කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය. 14 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ. 14 July 2020
මහනුවර ජනතාව ඇමතිට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයින් වෙනවා අපගේම ඇමතිවරයෙක් 2011 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ගැන කළ ප්‍රකාශය අනුමත නොකරන අතර මහනුවර ජනතාව ඇමතිවරයාට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයන් සේ සැලකීමට සිදුවන බව දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයලත් නන්දන ප්‍රනාන්දු මහතා ( පොදුජන පෙරමුණ ) අද(14) පැවසීය. 14 July 2020
හමුදාවේ ආසාදිතයන් දෙදෙනකු ඇසුරු කළ 30 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකු කොවිඞ් 19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසු එම නිළධාරීන් දෙදෙනා නිවාඩු ලබා පැමිණ සිටියදී ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු අද (14) නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
රත්නපුර ආසාදිතයා ඇසුරුකළ බලංගොඩ 6ක් නිරෝධායනයට පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම මහතා සඳහන් කළේය. 14 July 2020
පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථය හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී අද (14) උදෑසන පොලීසිය විසින් සොයා ගනු ලැබීය. 14 July 2020
පොලිස් නිලධාරීන් යටකර රියැදුරු පලා යයි-අයෙක් මරුට හක්මණ කෝංගල 13කණුව අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ලොරියකට යටකර පලාගොස් ඇති බවත් එක් නිලධාරියෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් හක්මණ පොලිසිය පවසයි. 14 July 2020
කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
ගාල්ලේ හොර කච්චේරියක් වටලයි ගාල්ල කරාපිටිය දෙමහල් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජව සකස් කරන ස්ථානයක් වටලා නිලමුද්‍රා ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන රාශියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 13 July 2020
කොරෝනා ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළට කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2646 ක් දක්වා ඉහළ ගොස් ඇත. 13 July 2020
බූස්ස බන්ධනාගාරයේ වර්ජනය අවසන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 14 දෙනෙකු ආරම්භ කළ ආහාර වර්ජනය අද (13) අත්හැර දැමීමට එම රැඳවියන් පිරිස තීරණය කර ඇතැයි බූස්ස බන්ධනාගාරයේ නිලධාරියෙකු සඳහන් කළේය. 13 July 2020
ගිරිඋල්ලේ 7 ක් ස්වයං නිරෝධායනයට ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ හත්දෙනෙකු අද (13) ස්වයං නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 13 July 2020
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන යක්කල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 13 July 2020
නිරෝධායන නීති උල්ලංඝනය කළ තංගල්ලේ වෙළෙදසැල් තුනක් වහයි නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3 ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද (13) තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු ක්‍රියාකළහ. 13 July 2020
නිරෝධායන කලාපවල ඡන්ද පත්‍රිකා බෙදීම නවතා දමයි නිරෝධායන කලාප සහ නිරෝධායනය වන නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තුරු නවත්වා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 13 July 2020
විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවූවායි කියන කතාවල සත්‍යතාවක් නැහැ ශ්‍රී ලංකාව පුරා, යම් යම් ප්‍රදේශවලින් විටින්විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවද, රෝගියකු හමු වු විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
රාජාංගනයේ සංචරණය නවතයි කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට සයින්දමරුදු සිදු වූ පිපිරීමට අදාල සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර පොලිස් ගරාජය ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026