සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගත් කහ කුඩු , කහ කැබැලි සහ පාරිභෝජනයට නුසුදුසු වියලි මිරිස් තොගයක් මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර වෙළඳසැලෙහි කොටසකට මුද්‍රා තැබීමටද පියවර පියවර ගෙන තිබේ. 16 July 2020
පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්‍රමාණයක් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 16 July 2020
සුවය ලැබූවන් ගණන 2007ක් වෙයි කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 656ක් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද(16) උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාව දක්වයි. 16 July 2020
ස්වයං නිරෝධායනය වන පිරිස් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වේලාවක් කොරෝනා අවදානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4-5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 16 July 2020
ගවේෂණයකට ගොස් අතුරුදන් වූ සරසවි වෛද්‍ය සිසුන් 9 දෙනා සොයාගනි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් පිරිසක් මුලතිව් මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ ගවේෂණයකට ගොස් අතරමංව සිටියදී අද (16) උදෑසන සොයාගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 16 July 2020
ට්විටර් සමාජ ජාලයට හැකර් ප්‍රහාරයක් ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත. 16 July 2020
බස්වල - දුම්රියේ සිඟමන් යැදීම තහනම් කොවිඞ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස බස් රථවල හා දුම්රිය තුළ සිගමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ. 16 July 2020
බස්වල වෙළෙඳාම තහනම කාලයට උචිත තීරණයක් පෞද්ගලික හා ලංගම බස්රථවල සිදු කෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 16 July 2020
පන්නල දී සිදුවූ බස් අනතුරකින් රියදුරු මරුට ගුවන් හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් හා ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන් අද (16) සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දඹදෙනිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව පන්නල පොලිසිය පවසයි. 16 July 2020
පිහි පහරකින් තරුණයෙක් මරුට පුද්ගලයකුගේ පිහි පහරකින් බරපතල තුවාල ලැබූ ගෝනවල , තල්වත්ත ප්‍රදේශයේ කුලී කාමරයක සිටි තරුණයකු මිය ගොස් ඇතැයි කැලණිය පොලීසිය කියයි. 16 July 2020
ඉංගිරියේ පුද්ගලයින් 13 ක් නිරෝධායනයට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරේහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් 13 ක් මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 16 July 2020
පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ඨානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරොනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයින් 37දෙනෙකු නිරෝධායනය සදහා දියතලාව හමුදා කදවුරට රැගෙන ගියහ. 16 July 2020
දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට මඩකළපුව කොළඹ දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි. 16 July 2020
අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් (ණයපත්) භාවිතය අඩු වී ඇතැයි වාර්තා වේ. 15 July 2020
ඉන්දියාවෙන් දිනකදී වයිරස ආසාදිතයන් 29,400 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (15) වාර්තා වූ අතර එම ගණන 29,429ක් ලෙස දැක්විණි. 15 July 2020
හබරාදුව ආසාදිතයා සමීපව ඇසුරු කළ 32 කට කොරෝනා නෑ හබරාදුව තල්පෙ අත්තර ගොඩින් ඉකුත්දා සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 32 ක් ඊයේ (14) පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ සම්බන්ධයෙන් අද (15) නිකුත් වූ වාර්තා වලට අනුව ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 15 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 659 කි. 15 July 2020
‘‘අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘‘ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා භිතියක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රචාර හා කටකථා පතුරුවන අයට එරෙහිව හෙට (16) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද (15) පොලිස් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 15 July 2020
මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 15 July 2020
රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත. 15 July 2020
පැල්මඩුල්ලේ වෙළඳ සැලක් වසා දමයි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියා භාණ්ඩ මිලදී ගැනීමට ගිය පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සැලක් වසා දැමීමට එම වෙළඳ සැලේ පාලනාධිකාරිය අද (15) තීරණය කර තිබේ. 15 July 2020
බුද්ධි තොරතුරු නිසි අයුරින් පොලිස්පති කාර්යාලයට ලැබෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ බොහෝමයක බුද්ධි අංශ තොරතුරු පොලිස්පති ලේකම් කාර්යාලයට නිසි අයුරින් නොලැබෙන බව පොලිස්පති ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් අචල දුෂ්මන්ත මහතා පාස්කු ඉරුදින බොම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද (15) පැවසීය. 15 July 2020
දියතලාවේ 7ක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා බදුල්ල රෝහලට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට දියතලාවට පැමිණි යුද හමුදා සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා ඔහු ඇඳුම් මැසීමට පැමිණි දියතලාවේ ඇඳුම් මසන ස්ථානයක හිමි හිමිකරු ඇතුළු ආශ්‍රිතයින් හත්දෙනකු පී සී ආර් පරීක්ෂණ සඳහා අද (15) බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 15 July 2020
‘මිලියනයකට වඩා පිරිසක් දුම් පානය අතහැරලා ‘ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමඟ මිලියනයකට අධික පිරිසක් දුම්පානය අතහැර දමා ඇති බවට අනාවරණය වී තිබේ. 15 July 2020
ආංශික අධීක්ෂණ කාරක සභාවේදීත් සහරාන් ගැන සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේ ස්ථාපිත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම් සහ තවුහිත් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජගත් රුවන් කුමාර මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (15) ප්‍රකාශ කළේය. 15 July 2020
බුද්ධි නිලධාරීන් දෙදෙනකු ගොනු කළ පෙත්සම් දෙකක් ප්‍රතික්ෂේප වෙයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ , පැහැර ගෙන මරා දැමූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 15 July 2020
හිඟුරක්ගොඩ - කඳුරුවෙල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වහයි හිඟුරක්ගොඩ ආපනශාලාවක්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය. 15 July 2020
බැංගලෝරයට අඟුළු දමයි ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයට මේ වනවිට අඟුළු දමා ඇත. 15 July 2020
පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව හිටපු විශේෂ ආරක්ෂක දිසාව බාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (14 වැනිදා) පැවැසීය. 15 July 2020
මාලදිවයිනේ සිර වී ශ්‍රී ලාංකිකයින් 177 ක් මත්තලට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (15 ) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 15 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026