
(සුජිත් හේවාජුලිගේ )
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය .
ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ජනාධිපතිවරයාට පසුව දැනුම් දෙනු ඇත .
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් මහතාගේ නාමය ජනාධිපති කාර්යාලය විසින් කතානායකවරයාට ඊයේ (6) බාරදෙනු ලැබීය .
නීතිපති ධූරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිත අතර නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා රාජරත්නම් මහතාගේ නම යෝජනා කර ඇත්තේ ඒ අනුවය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.