(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදනය වන ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නැතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද (6) පැවසීය.
ගැබිණි මවුවරුන්ට රෝගය වැළඳීමේ හා සංකූලතා මතුවීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිකාර පහසුකම් ඉහළ නැංවිය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.
පෙනහළු අකර්මන්‍ය වූවන් වෙනුවෙන් අවශ්‍ය වන එක්මෝ යන්ත්‍ර මේ වන විට මෙරට ඇත්තේ දෙකක් පමණක් බව කී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ගැබිණි මවුවරුන් වෙනුවෙන්ම වූ තවත් යන්ත්‍ර දෙකක පමණ අවශ්‍යතාවයක් තිබෙන බව ද කීවේය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල්ෆාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි
Rata Perata Friday, 07 May 2021 06:22 AM
ඕවා අලුත් ප්‍රවෘත්ති නෙමෙයිනේ... රටේ නායකයා බෙහෙත් ගන්න සිංගප්පූරුවේ යන්නේ ඇයි කියලා බැලුවොත් තේරේවි...