ගොඩනැගිල්ලේ හානියට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වගකිව යුතුයි කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට කුරුණෑගල මහ නගර සභාව විසින් හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවට හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා චෝදනා කළේය. 18 July 2020
සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉවත්වෙති කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද (18) සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය. 18 July 2020
කඩාදමා තියෙන්නේ ඉපැරණි ගොඩනැඟිල්ලක් තමයි කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. 18 July 2020
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග දිනයන් 20 වැනිදා ප්‍රකාශයට උසස් පෙළ විභාගය සහ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ලබන සඳුදා (ජූලි 20 වැනිදා) නිවේදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 18 July 2020
පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කරයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේය. 18 July 2020
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නරඹන්නන්ට තහනම් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත ඇසළ මහ පෙරහර නැරඹීමට ඉඩ නොදෙන බව අද (18) කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පෙරහැර සංවිධායක කමිටුව තීරණය කරනු ලැබීය. 18 July 2020
රාජසභා මණ්ඩපය ඩෝසර් කරලා දහතුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත. 18 July 2020
ගම්පහදී පරීක්ෂා කළ 101 කින් දෙදෙනකුට කොරෝනා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. 18 July 2020
බච්චන් පවුලම රෝහලේ කොරෝනා වයිරසයට ආසාදනය වී යැයි තහවුරු වීමෙන් දින පහකට පසුව අයිශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා රෝහල්ගත වී සිටිති. ඔවුන් දෙදෙනාම කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා නැනාවතී රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. 18 July 2020
ප්‍රවාහන බලපත් අහෝසි කළේ සංවර්ධන කටයුතුවලට යොදවන්නයි වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට අවශ්‍ය බලපත් ලබාගැනීමේ ක්‍රියාවලිය අහෝසි කිරීමට රජය පියවර ගත්තේ සංවර්ධන කටයුතු සඳහා මෙම අමුද්‍රව්‍ය විශාල වශයෙන් ඉල්ලුමක් පවතින නිසා බව ඉඩම් සංවර්ධන වනජීවී හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (18) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 18 July 2020
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 34,900ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (17) වාර්තා වූ අතර එම ගණන 34,956ක් ලෙස දැක්විණි. 18 July 2020
මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමට තීරණයක් මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. 17 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 674 ට නගී මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ඒ අනුව කෝරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 කී. 17 July 2020
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය. 17 July 2020
රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 17 July 2020
‘පන්නල පීසීආර් කළ 18 න් කිසිදු අයකුට ආසාදනය වී නෑ’ පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කළ 18 දෙනෙකුගෙන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට අද (17) තහවුරු වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 17 July 2020
සයිබර් ප්‍රහාරයෙන් ට්විටර් ගිණුම් 130 කට බලපෑම් එල්ල වෙලා මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී ගිණුම් 130 කට ආසන්න සංඛ්‍යාවක් හැකර්කරුවන්ගේ ඉලක්ක බවට පත්වූයේ යැයි ට්විටර් සමාගම අනාවරණය කරයි. 17 July 2020
රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 17 July 2020
සෞන්දර්ය සිසුහු අවසන් වසර විභාගය කල් දමන්නැයි ඉල්ලති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු පවත්වන්නැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත. 17 July 2020
රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි. 17 July 2020
මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අද (17) අනුමැතිය ලබා දුන්නේය. 17 July 2020
ඇවන්ගාඩ් සභාපතිගේ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
අඟුලාන පොලිසියේ කලබල කළ 14දෙනාට ඇප අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබල කිරීම හේතුවෙන්, අත්අඩංගුවට ගත් 14දෙනා ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද(17) නියෝග කළේය. 17 July 2020
කල් ඉකුත් වූ වීසාවලින් සිටි ඉන්දියානුවෝ 3ක් අත්අඩංගුවට කල් ඉකුත් වූ සංචාරක වීසා සහිතව ලංකාවේ රැඳී සිටිමින්, හැටන් නගරයේ ජ්‍යෙතිශ්‍ය කටයුතුවල නියැලී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය. 17 July 2020
‘ගෙදරට කොරෝනා ගේන්න එපා’ ‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. 17 July 2020
සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත. 17 July 2020
ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 17 July 2020
කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’ ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ ’බඹරු ඇවිත්’ චිත්‍රපටයද ඇතුළත් කර තිබේ. 17 July 2020
වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම් ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයෙකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්ද නියම කළේය. 17 July 2020
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද (17) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 17 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026