දූලිඇල්ලේ දිය නෑමට ගිය අයෙකු මරුට නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පුද්ගලයකු අද (19) පස්වරුවේ දි මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි. 19 July 2020
රොෂාන් රණසිංහගෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට බාධා පොලොන්නරුව දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන රොෂාන් රණසිංහ මහතා මැතිවරණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලොන්නරුව , නවනගරයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට අද (19) බාධාකළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම කියයි. 19 July 2020
තවත් ආසාදිතයින් 9 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ. 19 July 2020
‘‘කොරෝනා නිසා ලක්ෂ 10 කට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා‘‘ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ලක්ෂ දහයකට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවත් තම රජයක් යටතේ එසේ රැකියා අහිමි වන සෑම පුද්ගලයකුටම රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට යෝජනා කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2020
පැය 24 දී ලෝකයේ ආසාදිතයන් 259,848ක් නව කොරොනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන සෙනසුරාදා දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 19 July 2020
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තිබී දුරකථන 29 ක් සොයාගනී වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ අද (19) සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් එහි ‘‘වයි‘‘ වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකථන 29 ක් සහ බැටරි 170 ක් ඇතුළු දුරකථන ආම්පන්න තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. 19 July 2020
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගත යුතුයි ශ්‍රී ලාංකීය ජාතික ඉතිහාසය සහ පදනම විනාශ කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ජාතිය සතු අගනා වස්තූන් ආරක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (19) කොළඹදී පැවසූහ. 19 July 2020
ජාතික නිදහස් පෙරමුණ - පිවිතුරු හෙළ උරුමය අතර ගිවිසුමක් ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ශක්තිමත් කර ශ්‍රී ලංකා රාජ්‍යය බලගැන්වීම මගින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් හැටනම ලක්ෂයක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නව රජය තුළ කටයුතු කරන බවට සපථ කෙරෙන පස් වැදෑරුම් ප්‍රතිඥාවක් සහිත ගිවිසුමක් ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය විසින් අස්සන් කරනු ලැබ ඇත. 19 July 2020
අම්පාරේ ජනාකීර්ණ තැන්වල අය පී.සී.ආර්. පරීක්ෂණයට අම්පාර නගරයේ සෙනග ගැවසෙන ස්ථානවල කටයුතු කරනු ලබන පිරිස් කොවිඩ් 19 පරික්ෂාව සඳහා යොමු කිරිමට අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය මගින් සිදු කරනු ලැබීය. 19 July 2020
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම හෙට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීම සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(20) පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්යාලයේදී පැවැත්වේ. 19 July 2020
මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර විමර්ශනයක් බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරීස් මහතාට රාජ්‍ය සේවා තැපැල් සහනය වෙනුවෙන් ලබා දී තිබු මුද්දර යන්ත්‍රය අවභාවිත කිරීමේ සිද්ධිය පිළිබඳව මධ්‍යම තැපැල් හුවමාරුවේ හෝ තැපැල් කාර්යාල බලධාරීන් සිටීද යන්න පිළිබඳව මේ වන විට විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 19 July 2020
සෙවනගල අගමැති ජන හමුවේදී ජගත් පුෂ්පකුමාරට විරෝධය සෙවනගල ඩංඩුම සති පොලේ පැවති අගමැති ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවේදී හිටපු අමාත්‍යවරයෙකු වු ජගත් පුෂ්ප කුමාර මහතාට සභාව ඇමතීමට නොදී අද (19) දැඩි විරෝධතාවයක් එල්ල විය. 19 July 2020
ලොවපුරා කොරෝනා මරණ ගණන 600,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ ගණන 600,000 ඉක්මවා ගොස් ඇත. 19 July 2020
මිනිත්තු 20න් කළ හැකි කොවිඩ් පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාවෙන් අත්හදා බලයි ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිත්තු 20කින් සිදුකළ හැකි කෝවිඩ් 19 පරීක්ෂණයක් සොයාගෙන තිබේ. 19 July 2020
හිටපු පළාත් සභා මන්ත්‍රීට ඇප රුපියල් එක් ලක්ෂ දහතුන් දහසක් වටිනා නිදහස් තැපැල් මුද්දර වංචාවක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සමගි ජන බල වේගයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර්.පීරිස් මහතා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය. 19 July 2020
දෙමළ ජාතික සන්ධානය ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් සොයයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් වශයෙන් ලබා දීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටීයි. 19 July 2020
ජංගම ගණිකා සේවයක් වටලා තිදෙනකු අත්අඩංගුවට වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සුරූපී කාන්තාවන්ගේ ජායාරූප පෙන්වා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හා ඊට සම්බන්ධ සුරූපී කාන්තාවන් දෙදෙනෙකු හා මෝටර් රථයක් සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි . 19 July 2020
ඉන්දියාවෙන් දිනයකදී රෝගීන් 38,902 ක් කොරෝනා වයිරස් ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්දියාව දිනපතාම සිය වාර්තා පොත අලුත් කරන තත්ත්වයක් ඇතිවී තිබේ. අද (ඉරිදා) මධ්‍යාහ්නය වන විට පැය 24 ක් ඇතුළතදී ඉන්දියාවෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 38,902 ක් වි තිබේ. 19 July 2020
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කීට විද්‍යා නිලධාරීන්ගේ සහයෝගය කිසිදු හේතුවක් නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරි ආවරණය කිරිමට කටයුතු නොකරන්නැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වයට දන්වා යවා ඇත. 19 July 2020
ආරක්ෂක අංශවල පිරිසක් විල්පත්තු බංගලාවේ යකා නටති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මහවැව සංචාරක බංගලාවේ නවාතැන් ගැනීමට පැමිණි පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරීමෙන් රජයේ දේපළ රැසක් විනාශ වී ඇතැයි වනෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වාදෙයි. 19 July 2020
හිගුරක්ගොඩ පොලිසියේ 13ක් සේවා ස්ථානයේදීම නිරෝධායනයට හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් පොලිසිය තුළ දින 14ක් ස්වයං නිරෝධානය කිරිමට කටයුතු කළ බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවසයි. 19 July 2020
බස් හිමියන්ට සහන දුන්නත් බස් ගාස්තු වැඩිකරන්නේ නෑ බස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 19 July 2020
විවිධ වැරදි සම්බන්ධ සැකකරුවෝ 1563 ක් බස්නාහිරින් අත්අඩංගුවට බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන මගින් සිදු කළ විශේෂ අපරාධ නිවාරණ දූෂණ මර්දන මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 1563 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 19 July 2020
ගමේ බණ්ඩයියාට තියෙන නීතිය දේශපාලනඥයින්ට නැද්ද පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ. 19 July 2020
නල්ලුර් කෝවිලේ වාර්ෂික උත්සවයට එන බැතිමතුන් සීමා කරයි පවතින කොරෝනා වයිරස අවදානම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙසට ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ මෙවර පැවත්වෙන වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් සීමා කිරීමට සිදුවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 19 July 2020
යාපනයේ ගෙවත්තක වළ දමා තිබූ පෙට්ටියක අත් බෝම්බ 17 ක් යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේදී වැසියෙකු විසින් ගෙවත්ත පිළිසකර කිරීමේදී වළදමා තිබූ පෙට්ටියක අත්බෝම්බ 17ක් තිබී හමු වූ බවට යාපනය පොලීසිය පවසයි. 19 July 2020
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සමගි ජනබලවේගයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර් පීරිස් මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 19 July 2020
කන්දකාඩු උපදේශකවරයා සුවය ලබා පිටව යයි කොරෝනා ආසාදනයවීමෙන් කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා නිවසට පැමිණි බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 19 July 2020
ගාල්ලේ 221ක් ස්වයං-නිරෝධායනයේ කන්දකාඩු සිද්ධියට අදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 19 July 2020
හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14 දෙනාටම කොරෝනා නෑ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (17) ගෙනෙන ලද හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14දෙනාගෙන් කිසිවෙකුටවත් කොරෝනා ආසාධනය වී නොමැති බවට කරාපිටිය රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී අද (18) තහවුරුවී ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 18 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026