අරන්තලා ඝාතනයෙන් බේරුණු හිමියන්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කල දැනට ජීවතුන් අතර සිටින කොටි ත්රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික අබාධිත තත්ත්වය පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම 22 July 2020
අ‘පුර විශ්‍රාමිකයින් පිරිසක් උද්ඝෝෂණයක ආසාධාරණ හා අයුක්ති සහගත ලෙස උදුරාගත් විශ්‍රාමික වැටුප වහා ලබාදෙන ලෙස ඉල්ලා රජයට ඉදිරිපත් කිරිම සදහා විරෝධතා පෙත්සමකට අනුරාධපුරයේ විශ්‍රාමිකයන් පිරිසක් අද (22) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටුරවුමේදි අත්සන් තැබුහ. 22 July 2020
අලුයම 4 සිට දහවල් 12 දක්වා කතරගම දේවාලය බැතිමතුන්ට විවෘතයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් උදෑසන 4 සිට දහවල් 12 දක්වා බැතිමතුන් වෙනුවෙන් පූජා තැබීම සඳහා අවසරය ලබා දෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය. 22 July 2020
මැතිවරණ පැමිණිලි 4363ක් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4363ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 July 2020
කන්දකාඩු කඳවුරේ ගැටුමකින් 5 ක් රෝහලේ කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 22 July 2020
යතුරු පැදි 4ක්-මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට තලංගම පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි රුපියල් ලක්ෂ 24 ක්පමණ වටිනා අධිවේගී යතුරුපැදියක් ඇතුළු ව්‍යාජ අංක යෙදු යතුරු පැදි හතරක් සමඟ කාන්තාවක සහ තරුණයෙකු අද (22) අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 22 July 2020
දශක ගණනකට පසු නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි වසර 50කට වැඩි කාලයකට පසු පළමුවරට ’’නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය’’ අවලංගු කිරීමට තීරණය කර ඇත. 21 July 2020
වරාය සේවකයෝ හෙට සිට උද්ඝෝෂණයක වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියට ආරම්භ කරන්නැයි බල කෙරෙන උද්ඝෝෂණ හෙට (22) සිට ආරම්භ කරන බව වරාය අධිකාරියේ වෘත්තිය සමිති පවසයි. 21 July 2020
මාර්ග බාධකයකදී මුදල් කොල්ල කෑ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 92,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය කියයි. 21 July 2020
නගරාධිපති වරදකරුනම් දඬුවම් දීම වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල පෙනී සිටී නගරාධිපතිවරයා එහි වරදකරුනම් ඔහුගේ තරාතිරම නොබලා ඉහළම දඬුවම් දීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. මේ සම්බන්ධව සොයාබැලීමට අගමැතිවරයා පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබුණු පසු නගරාධිපතිවරයා වරදක් කර ඇත්නම් ඔහුට නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියාසිටියේය. 21 July 2020
බුවනෙකබා රාජ සභා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය. 21 July 2020
පුත්තලමේ ලුණු ටොන් 7500 ක් වැස්සට සේදෙයි පුත්තලම යල කන්නයේ ලුණු අස්වැන්න ඇඳ හැලුනු අධික වර්ෂාවට සේදි ගිය බව පුත්තලම පෞද්ගලික ලුණු නිෂ්පාදකයෝ පවසති. 21 July 2020
ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 July 2020
කතරගම ඇසළ පෙරහරට සම්බන්ධ වන පිරිස් පී.සී.ආර්. පරීක්ෂණයට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය. 21 July 2020
‘ගම්පහ පී.සී.ආර් වාර්තා 154 කින් ආසාදිතයින් නෑ’ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. 21 July 2020
කහතුඩුවේ 65 ක් පී.සී.ආර්. පරීක්ෂණයට හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමෙන් පසු එලෙස කොවිඞ් 19 ආසාධිත බවට හදුනා ගත් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියක ඉගෙනුම ලැබූ දරු දැරියන් ඔවුන්ගේ මාපියන් ද අදාල ගුරුවරියද ඇතුළු 65 දෙනෙකු අද (21) දින කොට්ටාව ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි 21 July 2020
‘රාජසභා මණ්ඩපය ඩෝසර් කරන්න නියෝග දුන්නේ කවුද කියලා ෆයිල්වල තියෙනවා’ බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය සභාවේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සදහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්රශ්නය යහපාලන සමයේ මෙවන් දෙයක් වු විගස කෑගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 21 July 2020
දවල් බත් කල්දේරමේ අඟල් 6 ක පිහියක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝනයේ රැඳවියන් 27 දෙනකුට දිවා ආහාර රැගෙන ගිය භාජනයක තිබී අගල් 6 ක් පමණ දිග උල් පිහියක් අද (21) දහවල් හමු වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 21 July 2020
වාස් ගුණවර්ධන ඇතුළු හයක් ගොනු කළ පෙත්සම් නැවත විභාගයට කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් නැවත විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. 21 July 2020
සුවය ලැබූවෝ 7 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (21) දිනයේ පුද්ගලයින් 7 දෙනකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යාතනය පවසයි. 21 July 2020
විදුලිසැර වැදී බිළිඳියක් මිය යයි යාපනය අනලතිව් ප්‍රදේශයේ නිවසක් තුළ මාස 11 ක් වයසැති බිළිඳියකට විදුලිසැර වැදීමෙන් බිළිඳිය මිය ගොස් ඇති බව කයිට්ස් පොලීසිය පවසයි. 21 July 2020
කරුණාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 July 2020
කතරගමට එන බැතිමත්තු ආපසු යති ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර උත්සවය සඳහා සහභාගී වීමට පැමිණි බැතිමතුන් ආපසු හරවා යැවීමට අද (21) උදෑසන සිට ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කරති. 21 July 2020
නිතී විරෝධි ලෙස මැතිවණ ක්‍රියා කළ රාජ්‍ය නිලධාරීන් 17 දෙනකුට එරෙහි පරීක්ෂණ පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ නීති විරෝධී අන්දමින් මැතිවරණ ක්‍රියාවන් සිදුකළ බව කියන රාජ්‍ය නිලධාරීන් 17කට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය පවසයි. 21 July 2020
රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය. 21 July 2020
කොහොඹ අත්තක් කඩා වැටී අවුරුදු එකහමාරක දැරියක් මියයයි වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ආයිලඩි ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි සොහොයුරියන් තිදෙනෙකු මතට කොහොඹ අත්තක් කඩා වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දැරියක් මිය ගොස් තවත් දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි. 21 July 2020
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට නුගේගොඩ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු කළුඅග්ගල කහහේන හන්දියේ දී පුද්ගලකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී මහත්මිය පැවසුවාය. 21 July 2020
ශෂී වීරවංශට නොතීසි අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටි ශෂී වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) වරෙන්තු නිකුත් කළාය. 21 July 2020
අනවසර තැන්වල වාහන නතර කරන්නන්ට දඬුවම් ඕනෑ මහ මාර්ග දෙපස අනවසරයෙන් වාහන හා යතුරුපැදි නවතා තබන හා පදික වේදිකාවේ වාහන හා යතුරුපැදි නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උපුටා දක්වමින් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීම ඉකුත් 17 වැනිදා සිට ආරම්භ කළ බවද ඒ මහතා පැවසූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 21 July 2020
පොලිස් නිලධාරීන් 17 කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026