(නිමන්ති රණසිංහ)
මෙරට ප‍්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමේ තවත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට චෙක්පත් ව්‍යාජව මුද්‍රණය කරමින් ඒ මඟින් විශාල මුදලක් වංචා කළ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙහි ප‍්‍රධාන සැකකරුවන් සිව් දෙනකු ඉකුත් 02 වැනිදා අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම සැකකරුවන් අතර හංවැල්ල ප‍්‍රදේශයේ මුද්‍රණාලයක හිමිකරුවකු, පෞද්ගලික බැංකුවක නිලධාරියකු, පෞද්ගලික සමාගමක විධායක නිලධාරියකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මීට මාස දෙකකට පෙර මෙරටට පැමිණි පුද්ගලයකු ද සිටින බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරද්දැක් උනත් වැඩ්ඩො ටිකක්.මොකද බැංකු චෙක්පතක් ලේසියෙන් ආරක්ෂක විධිවිධාන වලින් රිංගල වංචාවක් කරන්න බැරි නිසා.හිරේ දාන්න කලින් උන්ගෙන් බැංකුවල අයට උපදෙස් ටිකක් අරන් තමන්ගෙ දුර්වලකම් හදා ගන්න.පුලුවන් නම් වටිනවා.