නවදිල්ලියේ හතරෙන් එකකට කොරෝනා අසල්වැසි ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියේ ජනගහනයෙන් හතරෙන් එකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් සඳහන් කරයි. 22 July 2020
ජංගම දුරකතන - මත්කුඩු මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පියාඹයි මීගමුව බන්ධනාගාරයේ පිටුපස තාප්පයට ඉහළින් දින 3 ක් තුළ ජංගම දුරකතන 15 ක් හා මත්කුඩු තොගයක් සහිත පාර්සල් කිහිපයක් බන්ධනාගාරය තුළට විසිකර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 22 July 2020
කටුවාපිටිය ඝාතකයාගේ බිරිය මියගිය බව තහවුරු වී නෑ කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරුණු හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්” නමැත්තිය සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (21) පැවසීය. 22 July 2020
අවුරුදු 8 දරුවාට බලෙන් කසිප්පු පොවයි කසිප්පු පොවා අධික ලෙස මත් වූ අවුරුදු 8 ක දරුවෙකු අද (22) හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 22 July 2020
කළුකන්දාවට තාවකාලික ඡන්ද මධ්‍යස්ථානයක් පාලින්දනුවර කළුකන්දාව ජනතාවට තාවකාලිකව ඉදි කරන කුටියක් තුළ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිකර ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි උපදෙස් දුන් බව කළුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සහ කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා අද (22) පැවසීය. 22 July 2020
’එජාපයේ මීළඟ නායකයා තෝරන්න රහස් ඡන්දයක් ඕනෑ’ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා තෝරාගැනීම රහස් ඡන්දයකින් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවීන් දිසානායක මහතා පැවසීය. 22 July 2020
අලුත උපන් බිලිඳා ගෙවත්තේ වළ දාලා ගෙවත්තේ වළ දමා තිබූ, අලුත උපන් බිලිඳෙකුගේ සිරුරක් හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද(22) පස්වරුවේ ගොඩගන්නා ලදී. 22 July 2020
වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවති වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දමා සේවකයන් රැකියාවලින් ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා ලංකාදීපයට අද(22) පැවැසීය. 22 July 2020
‘අපේක්ෂකයන් ගැසට්ටුවත් නොතකන බව පැෆරල් කියයි‘ මැතිවරණ රැස්වීම්වලට අදාල සෞඛ්‍ය නියෝගයන් පිළිබඳව දේශපාලන පක්ෂ සහ එකී රැස්වීම් සංවිධානය කරන්නන් කිසිදු අවධානයක් යොමු නොකරන බව මැතිවරණ නිරික්ෂකයන්ගෙන් හා ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරුවලින් පෙනී යන බව පැෆරල් සංවිධානය කියයි. 22 July 2020
මරණ තර්ජනවලට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ ආරක්ෂාව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනා පාතාල රැඳවියන්ගෙන් මරණීය තර්ජන එල්ල වී ඇති උසස් නිලධාරීන් සඳහා පූර්ණ ආරක්ෂාව ලබා දී ඇතැයි බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසීය. 22 July 2020
හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ 8කට ලක්ෂක දඩයක් හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිවලට අදාළව පුද්ගලයන් 8දෙනෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (22) නියෝග කළේය. 22 July 2020
ඡන්දය දෙන්න ගම්බ්ම් කරා යන අය වෙනුවෙන් ප්‍රවාහන සේවා මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් 31 වැනිදා සිට අමතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 July 2020
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය. 22 July 2020
ඔක්තෝම්බර් 21 දා අධිකරණයේ පෙනී සිටින්න’යි පාඨලීට නියෝග රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලබන ඔක්තෝම්බර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (22) සිතාසි නිකුත් කළේය. 22 July 2020
ලක්ෂ 4ක කේරළ ගංජා පාසල් බෑගයක පාසල් බෑගයක් තුළ සඟවා ප්‍රවාහනයට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක දී අද(22) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 July 2020
ජීවිත කෑලි ගානට සලකන මගමරුවෝ නුගේගොඩ ගුවන් පාලම මත දී බස් රථයක් හා යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් කැබ් රථය පැදවූ යුද හමුදා ලාන්ස් කෝප්රල් ගොඩගේ ලලිත් මහතා මියගොස් කපිතාන්වරයකු ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව සඳහන් පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා කැබ් රියේ ගැටී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 22 July 2020
අපේක්ෂකයෝ 8 දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ කරති මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 8 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කර ඇතැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි. 22 July 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 15 ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද (22) දිනයේ මිලියන 15 සීමාව පසු කලේය. ඒ අනුව මේ වනවිට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,107,950කි. 22 July 2020
ලක්ෂ දෙකක ගංජා සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මිරිහාන, පොලිස් වසමේ කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග හිටපු ගුවන් සෙබළෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2020
නාකොටික් කුඩු ජාවාරමුන්ට එස් ටී එෆ් ආරක්ෂාව දීලා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියේ සැකකාර නාකොටික් නිලධාරීන්ට ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත් නොබෝ දිනකින් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (21) ප්‍රකාශ කළේය. 22 July 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 2060 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සිට, සුවය ලැබූ සමස්ත පිරිස මේ වනවිට 2064ක් බව වසංගත රෝග විද්‍යා අංශය අද(22) උදෑසන 10.00ට පළ කළ වාර්තාවේ දැක්වේ. 22 July 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගෙන් රිට් පෙත්සමක් රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 22 July 2020
අපේක්ෂකයකු ඉදි කරන්න ගිය නිවසක වැඩ මැතිවරණ නිලධාරීන්-පොලීසීය එක්ව නවත්වයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු විසින් සුරියවැව මහගල්වැව ප්‍රදේශයේ අසරණ පවුලක් සදහා නිවසක් ඉදිකරදීමට සුදානම් වු අවස්ථාවේ හම්බන්තොට මැතිවරණ නිලධාරීහු හා පොලීසිය එක්ව අද(22) එය නවතා දැමීමට කටයුතු කළහ. 22 July 2020
ඉතාලියේ ඉන්න ලාංකික ශ්‍රමිකයින්ට සහන ඉතාලි රජය විසින් එරට සිටින විදෙස් ශ්‍රමිකයින් සදහා ලබා දී ඇති ’’ සැන්ටෝරියා 2020’’ පොදු සමා වැඩසටහනෙන් ප්රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත. 22 July 2020
හබරාදුව ආසාදිතයාගේ සමීපතමන් 21ක් දෙවන වරටත් පීසීආර් පරීක්ෂණයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ බිරිඳ, මව ඇතුළු ඔහු ඇසුරු කළ සමීපතයන් 21දෙනෙකු දෙවන වරට අද(22) පිසීආර් පරීක්ෂණයට ලක් කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 22 July 2020
අරන්තලා ඝාතනයෙන් බේරුණු හිමියන්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කල දැනට ජීවතුන් අතර සිටින කොටි ත්රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික අබාධිත තත්ත්වය පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම 22 July 2020
අ‘පුර විශ්‍රාමිකයින් පිරිසක් උද්ඝෝෂණයක ආසාධාරණ හා අයුක්ති සහගත ලෙස උදුරාගත් විශ්‍රාමික වැටුප වහා ලබාදෙන ලෙස ඉල්ලා රජයට ඉදිරිපත් කිරිම සදහා විරෝධතා පෙත්සමකට අනුරාධපුරයේ විශ්‍රාමිකයන් පිරිසක් අද (22) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටුරවුමේදි අත්සන් තැබුහ. 22 July 2020
අලුයම 4 සිට දහවල් 12 දක්වා කතරගම දේවාලය බැතිමතුන්ට විවෘතයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් උදෑසන 4 සිට දහවල් 12 දක්වා බැතිමතුන් වෙනුවෙන් පූජා තැබීම සඳහා අවසරය ලබා දෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය. 22 July 2020
මැතිවරණ පැමිණිලි 4363ක් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4363ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 July 2020
කන්දකාඩු කඳවුරේ ගැටුමකින් 5 ක් රෝහලේ කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 22 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026