යුද හමුදා ඇඳුම් තොගයක් ඇතුළු ආයුධ රැසක් වලස්මුල්ලෙන් සොයාගනී
වලස්මුල්ල බෝවල ප්රදේශයේ නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ බව කියන විවිධ වර්ගයේ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක්, ලාංඡන, පතුරොම් තොගයක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, කඩු දෙකක් සහ ජීව අත් බෝම්බයක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පාතාල කල්ලි සාමාජිකයකුගේ සමීපතමයකු අද(20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.