(සුජිත් හේවාජුලිගේ )
බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදය (බී .117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන අරඹා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම බුද්ධි අංශ කණ්ඩායම් ඒ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් රැසක් දැනටමත් සොයාගෙන නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .
එම විමර්ශන කටයුතු දිගටම සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් කීය .
බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදයවූ බී.117 ආසාදනයවූ ආසාදිතයෝ දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ 21කින් පසුගියදා සොයා ගනු ලැබූහ .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලැබුණු ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල හැට හයක ජාන විශ්ලේෂණයේදී මෙම නව වයිරසය හඳුනාගෙන තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවටිල්ලට කරන පිස්සු වැඩ. මාර්තු සිට පීසීආර් වලක්වා රෝගය බෝවීමට ඉඩ දීමේ විපාක මේවා. දැන්වත් පරීක්ෂණ වැඩි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ දොස්තරවරුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන්න