(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප‍්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍ය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු අරමුදල්වලින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ක‍්‍රියාත්මක කරයි.
එහි පළමු අදියර පස්යාල සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර 14.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 160.3 ක් ද, අඹේපුස්සේ සිට කෑගල්ල දක්වා දෙවැනි අදියරට රුපියල් කෝටි 150.7 ක් ද, වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ
තෙවැනි අදියර වන කෑගල්ලේ සිට මාවනැල්ල දක්වා කිලෝමීටර 13.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 134.5 ක් ද, අවසන් අදියර වන මාවනැල්ලේ සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 14 ක කොටස ස`දහා රුපියල් කෝටි 163 ක් ද, වැය කිරීමට නියමිතය.
මෙහි පළමු අදියරේ කොළඹ සිට පස්යාල දක්වා කිලෝමීටර 44.3 ක ප‍්‍රමාණයක් පුළුල කර කාපට් අතුරා සකස් කිරීම මේ වන විටත් අවසන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිට්ටඹුවේ ඉදලා පස්යාලට යනකල් අවුරුදු ගානක් අලුත්වැඩියාකරල නැ.
කොරෝනා මර්ධනයට නැති සල්ලි මේවට කොහෙන්ද අප්පා. මේ කද අද දවසේ ඇති මුලිකම අවශ්‍ය තාවය ?
පාරවල් හැදුවට කමක් නෑ ඔය පාරේ යන මනුස්සයන්ට යන්න පාරේ අයිනත් හදන්න .සමහර තැන්වල මිනිස්සු පාරේ යන්නේ ඉඩක් නැතිනිසා
මේ වගේ වාර්තාවක් ලියනකොට කොළඹ - නුවර පාරේ යන මිනිස්සු කියවන බව දන්නේ නැද්ද? පාර පළල කරලා තියෙන්නේ පෑලියගොඩ සිට නිට්ටඹුව දක්වා පමණයි. නිට්ටඹුව සිට පස්යාල දක්වා අන්තිමයි. ඉක්මනින් අඹේපුස්ස දක්වා වත් හදල දෙනවනම් මාර්ග තදබදය අඩු කරන්න පුළුවන්. අඹේපුස්නසෙන් පාර දෙකට බෙදෙනවා A-1 සහ A-6. වරකාපොල නගර කොටස මංතීරු 6 ක් තිබුනානම් හොඳයි.