
(නයනජීව බණ්ඩාර)
වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික ගුරුසිංහ මහතාගේ නිවෙසට අද අලුයම වල්අලි ප්‍රහාරයකින් බරපතල ලෙස හානි වී ඇත.
සිය බිරිය සහ දරුවන් සමග නිදා සිටියදි අලුයම 4.00 පමණ වල්අලි රංචුවක් පැමිණ නිවසෙට පහරදී දුන් බවත් කුස්සියේ බිත්තිය කඩ එහි තිබූ එළවළු කා දමා ඇතැයි ද ඉන්දික මහතා පැවැසීය
අලි පහර දෙන ශබ්දය ඇසි සිවිල් ආරක්ෂක බළකාැයේ අයකු අලියා එළවීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වූ බවත් ඔහුගේ ජිවතය ද බේරී ඇත්තේ අනු නවයෙනි.
අලි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේම ඉන්දික මහතා වැල්ලවාය වනජිවි කාර්යාලයට දැනුම් දුන්නත් එන්න වාහනයක් නොමැති බව පවසා ඇතැයි ද දැනගන්නට ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගැන පත්තරවලටත් බොරු ලිව්වාම ඔහොම වෙනවා.
මේක කොළොඹ ඉදන් බෙරිහන් දෙන පරිසරවේදීන්ට වෙන්නේ නැහැනේ.