IMG-LOGO

රජයේ කාර්යාලවලට සේවක සීමාවක්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ්19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රැස්වීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා කීය.

සංචරණ සීමා කර කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ පොලිස් වසම් හා ග්‍රාම සේවක වසම් සියයකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර ඇත .

කෙසේ වෙතත් මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැතැයි රජය පවසයි .

 



අදහස් (2)

රජයේ කාර්යාලවලට සේවක සීමාවක්

සුනෙත් හේමන්ත Monday, 10 May 2021 10:09 AM

තාම සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නැද්ද සර්....

:       0       1

සිරිබිරිස් Monday, 10 May 2021 10:40 AM

මෙච්චර කියද්දීත් ගණන් ගන්නේ නැතුව ඉඳල පරක්කු වෙලා හරි මෙහෙම හරි තීරණයක් ගත්ත එක ලොකු දෙයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site