IMG-LOGO

සතියට කොරෝනා මරණ සියය පනී

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත මෙරට මරණ සංඛ්‍යාව ඊයේ (9) දිනයේදී 801ක් දක්වා ඉහළ ගිය අතර ඉකුත් සතියක කාලයේදී පමණක් මරණ 105ක් වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් ආසාදිත700 වැනි මරණය වාර්තා වූයේ ඉකුත් 3 වැනිදා වන අතර එදින සිට ඊයේ (9) දක්වා ගතවූ සතියක කාලයේදී පිළිවෙලින් දිනපතා මරණ 13ක්, 11ක්, 14ක්, 11ක්, 19ක්, 22ක් සහ 15ක් වශයෙන් මරණ 105ක් වාර්තා විය.

මෙරට කොරොනා ආසාදිත පළමු මරණය වාර්තා වූයේ පසුගිය වසරේ මාර්තු 28 වැනිදා වන අතර 100 වැනි මරණය වාර්තා වූයේ එම වසරේ නොවැම්බර් 27 වැනිදාය.

ඒ අනුව පළමු මරණ සියය වාර්තාමට මාස 8ක කාලයක් ගතවූ අතර 200 වැනි මරණයේ සිට 300 වැනි මරණත්, 300 වැනි මරණයේ සිට 400 වැනි මරණයත් වාර්තා වූයේ මසක පමණ කාලයක් ඇතුළතය.

ඊට අමතරව 300 වැනි කොවිඩ් ආසාදිත මරණයේ සිට 400 වැනි මරණය වාර්තාවීමට ගතවූ කාලය දින 18ක් වන අතර 400 වැනි මරණයේ සිට 500 වැනි මරණය වාර්තාමට දින 21ක් ගත විය.

මෙරට 600 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ 500 වැනි මරණය වාර්තා වී මාසයකුත් සතියක පමණ කාලයකින් වන අතර එතැන් සිට 700 වැනි මරණය වාර්තාවීමට දින 20ක පමණ කාලයක් ගතවිය.

 



අදහස් (2)

සතියට කොරෝනා මරණ සියය පනී

Aba Monday, 10 May 2021 08:10 AM

අපි බෙහෙත් විදින්නෙ නැතුව මරණ ගණන් කරමින් ඉමු.

:       1       10

siri Monday, 10 May 2021 08:35 AM

අද සවස කැබිනට් රැස්වීමේදී "රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් ඇති නොවන අයුරින් මුළු රටම වසා දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇති බවත් කෘෂිකර්ම, ධීවර සහ අපනයන කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යමින් සිල්ලර වෙළඳසැල් සහ ඖෂධ වෙළඳසැල් ද විවෘතව පවත්වා ගනිමින් කටයුතු කිරීමට" යෝජනා වී ඇතිබවයි කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site