IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තවත් ගැබිණියක් කොරෝනාවෙන් මරුට

(සිරංගිකා ලොකුකරවිට)

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.

44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරුගැබක හිමිකාරියක වූවාය. කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටිය දී සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදුකළාය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි.

එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.

 



අදහස් (8)

තවත් ගැබිණියක් කොරෝනාවෙන් මරුට

jagath Sunday, 09 May 2021 01:51 PM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

:       0       66

Yama Sunday, 09 May 2021 05:49 PM

රෝගය පාලනය නොකර මේ දුක් දුන් පුද්ගලයින්ට මොනවා නෙවෙයිද

:       0       0

සරණ Sunday, 09 May 2021 06:33 PM

හරිම කනගාටුයි . තවත් මෙවන් පුවත් අසන්නට නොලැබේවා .

:       0       0

මුණසිංහ Monday, 10 May 2021 12:29 AM

මතු භවයක දී මෙවන් අකල් මරණයක් අත් නෙවේවා!

:       0       0

Raveendra Monday, 10 May 2021 01:07 AM

අනේ .....හරිම කනගාටුදායක සිදුවීමක්... ඇයගේ සිහින බොදවීම දුකකි... ඔබතුමියට නිවන් සුව අත්වේවා......

:       0       0

nalin indika Monday, 10 May 2021 04:42 AM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

:       0       1

SUNIL MILANO Monday, 10 May 2021 06:57 AM

මතු උපදින කිසිම භවයක මෙවැනි අකල් මරණයක් නොවේවා

:       0       1

sampath Monday, 10 May 2021 03:12 PM

ඉතිරි අයවත් ඛෙරගන්න විශේෂිත වැඩපිළිවෙළක් හදන්න වෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site