(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොරෝනා ආසාදිත 14 හැවිරිදි සිසුවකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලන්ඩන් ඕලෙවල් විභාගයට පෙනී සිටීම සඳහා එම දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන ඔහුගේ මාමාට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවැරූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම සිසුවාට මෙන්ම ඔහුගේ පියාට,මවට සහ සහෝදරියට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබියදීත් මේ ආකාරයට විභාගයට පෙනී සිටිම විශාල වරදක් බව ද සෞඛ්‍ය අංශ කියයි.
මත්තේගොඩ පදිංචි මෙම දරුවා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි තම මාමා සමග යතුරු පැදියකින් විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇතැයි ද සිදු කළ පරික්ෂණවලින් තහවුරු වී ඇත.
මෙම සිසුවා විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවෙසට ගොස් ඇත. මෙම සිසුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට දන්නා වෙනත් සිදුවකු ඒ සම්බන්ධයෙන් නිවෙසට ගොස් තම පියට දැනුම් දීමෙන් පසු කළ දැනුම් දීමටකට අනුව ආසාදිත දරුවා විභාගයට පෙනී සිටි බවට තහවුරු කරගෙන ඇත.
කෙසේ වුවද ඉකුත් සිකුරාද සිට මෙම විභාගය දින නියමයක් නැවැත්වීමට කේම්බ්‍රිජ් ජාත්‍යාන්තර අධ්‍යාපන ආයතනය තීරණය කර තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වයිරසය ආසාදිත සිසුවෙක් දැන දැනත් විභාගයට ඇවිත්
Rata Perata Monday, 10 May 2021 06:20 AM
මෙ පොලිසියත් මෙ වගේ අහිංසක මිනිස්සුන්ට තමයි නීතිය පෙන්වන්නේ. කොරෝනා ගැන දැන දැනම නුවර එළියේ වසන්ත සැණකෙළි කිසිම නීතියක් නැහැ. පුදුම රටක් මෙක...