(යොහාන් භාසුර)
රජය ගෑස් සමාගම්වලට ඇහුම්කන් නොදුණ හොත් ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වන්නේ යැයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.
ලෝක වෙළෙදපොලේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය වෙලෙදපොලේ ගෑස් මිල ඉහළ දැමීමට මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටින බවත් රජය එයට ඇහුම්කන් නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් සභාපතිවරයා කියයි.
පසුගිය වසරේ (2020) අප්‍රේල් වන විට ලෝක වෙළෙදපොලේ ගෑස් ටොන් එකක් ඇමරිකාන් ඩොලර් 325 ක්ව පැවැති බවත් පසුගිය අප්‍රේල් මස ගෑස් ටොන් එකක් ඩොලර් 650 දක්වා ඉහළ ගොස් මිල සියයට 260 කින් පමණ මිල වැඩි වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අරක්කු බෝතයකට වඩා අඩු මිලකට ගෑස් සිලින්ඩරයක් මිලදී ගතහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවත් සමාගම් මේ වන විට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයකින් රුපියල් 700 ක පමණ පාඩුවක් ලබන බවත්ය. ලෝක වෙළෙදපොලේ ගෑස් මිල වැඩි වී ඇතැයි යන සත්‍ය ජනතාවට තේරීම් කරදී මිල වැඩි කිරීමට කටයුතු නොකළ හොත් ගෑස් කර්මාන්තය තවදුරටත් බිඳ වැටෙන බවත් සභාපතිවයා කියා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.