‘‘ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න‘‘ මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මගින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය. 12 July 2020
කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට කෝවිඞ් 19 ආසාදනය වූ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණ යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් වශයෙන් හඳුනාගත් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. 12 July 2020
පාසල් - අධ්‍යාපන ආයතන වසා දැමීම ගැන සලකා බලයි දැනට පවතින කොරෝනා වයිරසය තත්වය තවදුරටත් නරක අතට පත්වුවහොත් පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 July 2020
එක මන්ත්‍රීවරයෙක් තෝරන්න කෝටි පහක් මෙවර මහ මැතිවරණයේ තරග වදින අපේක්ෂකයන් අතරින් එක් ජනතා නියෝජිතයකු පත් කර ගැනීමට මහජන මුදලින් රුපියල් පන්කෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් වැය වන බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. 12 July 2020
මැතිවරණ පැමිණිලි 2781ක් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2781ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 12 July 2020
ත්‍රිරෝද රථය පෙරැළී තිදෙනෙක් මරුට-දෙදෙනෙක් රෝහලේ වේයන්ගොඩ මල්ලැහැව මාර්ගයේ කොට්ටල ප්‍රදේශයේ දී කාන්තාවක පැදවූ ත්‍රිරෝද රිය පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීමෙන් එම කාන්තාව හා ඇගේ දරු දෙදෙනා මරණයට පත්ව තවත් යුවළක් තුවාල ලබා ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 12 July 2020
ලංකාපුර 66ක් ස්වයං-නිරෝධායනයට කාන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ආගිය සහ ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 5ක වෙසෙන පුද්ගලයෝ 66දෙනෙකු ඔවුන් වෙසෙන නිවෙස්වලම ස්වයං නිරෝධායනට අද(12) යොමුකළ බව පොළොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය කියයි. 12 July 2020
චක්‍ර ලේඛන දෙකක් නිසා ගුරුවරු පීඩාවට පාසල්වලට සියලුම ගුරුවරුන් ගෙන්වා ගැනීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍ර ලේඛනය ක්‍රියාත්මක නොකර මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනම චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් ගුරුවරුන් සියලු දෙනා පාසල්වලට පැමිණිය යුතු බවට නියම කර ඇති හෙයින් ගුරුවරුන් දැඩු අපහසුතාවයට පත්ව සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද(12) පැවසීය. 12 July 2020
ප්‍රා.ලේ කොට්ඨාස 67ක 52,734කට හැඳුනුම්පත් නෑ ජාතික හැඳුනුම්පත් නොමැති වයස අවුරුදු 18 වැඩි පුරවැසියන් ගැන දත්ත පද්තිධයක් පවත්වාගෙන යන ලෙසත්, ඔවුන්ට ජාතික හැඳුනුම්පත් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 12 July 2020
මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා අද(12) මුදාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 12 July 2020
කන්දකාඩුවේ උපදේශකවරයා ගිය වෙළඳසැලක සේවිකාවන් 12ක් නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ගිය බව කියන, හික්කඩුව නලාගස්දෙණියේ රෙදිපිළි වෙළඳසැලක සේවිකාවන් 12 දෙනෙකු අද (12) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 12 July 2020
ඓශ්චර්යාටත් - ආරධ්යාටත් කොරෝනා සුප්‍රකට ඉන්දීය නිළි ඓශ්චර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 12 July 2020
රාජකාරියට බාධා කිරීම ඡායාරූප මාධ්‍යවේදී සංගමයෙන් හෙළා දකී ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතාට පසුගිය 10 වැනි දා කොළඹ අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේ දී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා විසින් තර්ජනය කර රාජකාරියට බාධා කිරිම හෙළා දකින බව ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදී සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 July 2020
ලෝකෙ කැරකෙන එක නතර වුණොත් ඡන්දය තියන්න බෑනේ ජනතාව ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත පරිදි පවත්වනු ලබන බැවින් කොරෝනා තත්ත්වය පාලනය කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(12) ගම්පහදී පැවසීය. 12 July 2020
අවුරුදු සීයය ඉක්මවූ ඉන්දීය ජාතිකයකු කොරෝනාවෙන් බේරෙයි ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරු වූවන් දෛනිකව දහස් ගණනින් මියයන පසුබිමක අවුරුදු සියය ඉක්මවූවෙකු සුවය ලැබීමේ පුවතක් ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ. 12 July 2020
කන්දකාඩු කඳවුරට ගිය පිරිස් සොයා ගාල්ලේ මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ඇසුරු කර ඇති සමීපතමයින් සහ ඔවුන් බැලීමට පසුගිය දිනවල එම කඳවුරට ගිය ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිස් සොයා ගැනිම සඳහා පොලිස් බුද්ධි අංශ දිස්ත්‍රික්කය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 12 July 2020
කහවත්තේ නිවාස 4 ක් : වෙළඳසැල් 2 ක් නිරෝධායනයට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීයකු කහවත්ත ඇන්දානේ පිහිටි තම බිරිඳගේ නිවෙසට පැමිණ දින කීපයක් ගතකිරීමෙන් ප්‍රදේශයේ නිවෙස් හතරක සාමාජිකයින් සහ වෙළෙදසැල දෙකක හිමිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පියවර ගනු ලැබීය. 12 July 2020
දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍රවලින් ගම්වැසියන්ට පීඩා අගුණකොළ පැලැස්ස හා බූස්ස බන්ධනාගාරවල වෙසෙන විශේෂ ගණයේ රැඳවියන්ගේ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා සවිකර ඇති දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර හේතුවෙන්, එම ප්‍රදේශ අවට ගම්වාසීන්ගේ ස්ථාවර සහ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ. 12 July 2020
රාජාංගනයෙන් කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුර, රාජාංගන ප්‍ර දේශයෙන් අද(12) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 12 July 2020
පොහොට්ටුවේ ප්‍රධාන ප්රචාරක රැළි නවත්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. 12 July 2020
වීරවිල බන්ධනාගාරයේ 27ක් නිරෝධායනයට වීරවිල බන්ධනාගාරයේ නිලධාරීන් 15දෙනෙකු සහ රැඳවියන් 12දෙනෙකු බන්ධනාගාරය තුළ නිරෝධායනයට ලක් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 12 July 2020
අඟුලාන පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් පොලිස් වෙඩි පහරින් ධීවරයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කළ බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය . 12 July 2020
රජය නිවාඩු දින ප්‍රකාශ කර නැහැ ඉදිරි දින කිහිපය නිවාඩු දින ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති බවට මේවනවිට පැතිර යමින් පවතින ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි. 12 July 2020
ලාංකිකයින් ගෙන්වීම යළිත් තාවකාලිකව නවතන්න යයි ජූලි 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. 12 July 2020
හබරාදුවේ 30ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන හබරාදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 10කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 12 July 2020
බච්චන් පිය පුතු දෙපළට කොරෝනා ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 12 July 2020
තවත් 43දෙනෙකුට කොරෝනා කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 12 July 2020
යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා නෑ යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම යුදහමුදා පුනරුත්ථාපන කඳවුර වන්නේ කන්දකාඩු යුදහමුදා කඳවුර බවත්, අධිකරණ නියෝගවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳෙවියන් පුනරුත්ථාපනය කිරීමත් එහිදී කෙරෙන නමුත් යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බවත් හමුදාපතිවරයා අද (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී 11 July 2020
කන්දකාඩු උපදේශකවරයකුට කොරෝනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන හබරාදුව පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා ආසාධනය වී ඇති බවට අද (11) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 11 July 2020
ගාලු පාර වසයි මුහුදු ඛාදනය උග්‍රවීමත් සමගම අද (11) පස්වරු 6ට පමණ කහව හන්දියේ සිට තෙල්වත්ත හංදිය දක්වා ගාලු පාර වසා දැමීමට කටයුතු කළ බව මීටියාගොඩ පොලිසිය කියයි. 11 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026