ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට සයින්දමරුදු සිදු වූ පිපිරීමට අදාල සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර පොලිස් ගරාජය ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 July 2020
මොණරාගල දෙදෙනකුට කොරෝනා මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පැවසිය. 13 July 2020
බොරු අපයෝජන චෝදනාවකට ලක් වූ පියා නිදොස්කොට නිදහස් තම පියා තමා අපයෝජනය කළ බවට පොලිසියට පැමිණිලි කළේ තම මවගේ බලපෑම් සහ ඉගැන්වීම් මත බවත් පියා තමා අපයෝජනය නොකළ බවත් බාල වයස්කාර දැරියක දිවුරුම් දෙමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඉදිරියේ දී අද (13) පැවසුවාය. 13 July 2020
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ වැටලීමකින් දුරකථන-සිම්පත් හමුවෙයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ වැටලීමක දී එහි ඉසෙඩ් අංශයේ සඟවා තිබී ජංගම දුරකථන පහක්, බැටරි 12 ක්, සිම්පත් 5 ක් බන්ධනාගාර බුද්ධි අංශ කාන්තා නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2020
ජනපති කොමිසමට එරෙහිව අනුරගෙන්-ශානිගෙන් රිට් පෙත්සම් දෙකක් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක සහ රහස් පොලිස් අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරු අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ. 13 July 2020
කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක් තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින් ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලා වසර 6 ක බරපතල වැඩසහිත සිරදඩුවම් විදින පාතාල නායක කංජිපානි ඉම්රාන් නැමැත්තා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය. 13 July 2020
කන්දකාඩුවේ රැඳවියන් බලන්න ගිය මිනුවන්ගොඩ 10ක් නිරෝධායනයට රැඳවියන් බැලීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත ගිය මිනුවන්ගොඩ පුද්ගලයන් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 13 July 2020
රාජාංගනයේ කොරෝනා ආසාදිතයන් 14ක් අයිඩීඑච් රෝහලට කොරෝනා වයිරසය ආසාදිතවු බවට තහවුරු කරගත් රාජාංගනය ප්‍රදේශීය ලේකම් කෝට්ඨාසයේ පුද්ගලයන් 14 දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යවන ලද බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අද(13) පැවසීය. 13 July 2020
ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 625 ට නගී කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර බලන ආසාදිතයින් සංඛ්‍යාව අද (13) වැනිදා වන විට 625 ක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 13 July 2020
කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවූ ගැසට්ටුවේ පෙත්සම් කල්යයි කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් , වයිරසයෙන් මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව 13 July 2020
සිංගප්පූරුව - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තවමත් විමර්ශනයේ - නීතිපති කියයි පසුගිය රජය විසින් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දෙන ලදී. 13 July 2020
බස්වල වෙළඳාම් තහනම් පෞද්ගලික හා ලංගම බස්රථවල සිදුකෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ. 13 July 2020
පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය අද (13) සමත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 13 July 2020
බන්ධනාගාරවල සියලුම රැඳවියන් පැරණි හා අලුත් ලෙස වෙන් කරයි කොරෝනා ආසාදිත තත්ත්වය හේතුවෙන් සියලුම බන්ධනාගාරවල පැරණි හා අලුත් වශයෙන් සිරකරුවන් හා සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රඳවා තැබීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දී ඇත. 13 July 2020
දියරැළකට හසුවූ යාත්‍රා දෙකක ධීවරයන් බේරාගැනේ වැලිගම කප්පරතොට සහ වැලිගම පැලෑන මුහුදෙහි ධීවර කටයුතුවල නිරත යාත්‍රා දෙකක් දියරැළකට හසුවී අනතුරට පත්වු ධීවරයන් 6දෙනෙකු අද (13 ) නිරුපද්‍රිතව වෙනත් ධීවර යාත්‍රා මගින් බේරාගෙන තිබේ. 13 July 2020
කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. 13 July 2020
මැතිවරණ නීති කඩන බවට පැෆරල් පැමිණිලි කරයි දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක හමුදාවට බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව කාන්තාවන් 22 දෙනෙකු බඳවා ගෙන ඇති බැවින් මේ සම්බන්ධව පියවර ගන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට අද (13) පැමිණිලි කළේය. 13 July 2020
කෝටි එකහමාරක ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට රැගෙන ආ කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 124 යි ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ,වරතෝලෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය කියයි. 13 July 2020
වීරවිල බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා වසර 10කින් පසු අල්ලයි අලුත්ගම පොලිස් වසම තුළ දී කළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගිය සැකකාර රැඳවියා වසර 10 කින් පසු අද (13) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. 13 July 2020
ඇගිලි සලකුණු මගින් අපරාධකරුවන් 103 දෙනෙකු අත්අඩංගුවට ඇඟිලි සලකුණු මගින් හදුනාගත් අපරාධකරුවන් 103 ක් ගෙවුණ පැය24 දි බස්නාහිර පළාතේ පොලිසි මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 28,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (12) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 28,637ක් විය. 12 July 2020
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි. 12 July 2020
උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි උණවටුන උප දුම්රිය ස්ථානය හෙට (13) පෙරවරු කාලයේ වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 July 2020
බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම අත්හිටුවයි කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 12 July 2020
ඇමෙරිකාවෙන් දිනකට කොරෝනා ආසාදිතයන් 60,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින කිහිපයේදීම හැටදහස ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වූයේ යැයි එරට ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි. 12 July 2020
තංගල්ලේ 14 ක් නිරෝධායනයට තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් දෙකක හිමිකරුවන් අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි. 12 July 2020
17 වැනිදා දක්වා පාසල් වහයි හෙට සිට ජුලි 17 වන සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 12 July 2020
මහනුවරිනුත් කොරෝනා රෝගියෙක් හමුවෙයි මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය. 12 July 2020
භද්‍රානි ජයවර්ධන නිල නිවස බාරදෙයි කොළඹ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් වසර 5 ක් තිස්සේ නගර සභාවට භාරනොදී රැඳී සිටි නිල නිවස අද (12) නිල වශයෙන් භාරදුන් බව එහි නාගරික ලේකම් ඩි.එම්.එස්.ඒ නිරෝෂන් මහතා පැවසීය. 12 July 2020
ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝන ආසාදිතයන් බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 12 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026