හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හා ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය එසේ දිනාගෙන ඇත.

ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන
(අඟුරුවාතොට මංගල එදිරිසිංහ)
මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ කුඩා ලියනගේ අවිශ්ක චානුක ශිෂ්‍යයා දිනාගත්තේය.
අද නිකුත් වූ ප්‍රතිඵල අනුව ඔහු ඉසෙඩ්කෝර් අගය 3.5583කි. බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි අවිශ්ක වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද, බණ්ඩාරගම ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා හොරණ තක්ෂිලාවට ඇතුළත් විය.


ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන
(මංගල එදිරිසිංහ)
මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සුසික සඳසර ශිෂ්‍යයා දිනාගත්තේය.
ඔහු ලබාගත් ඉසෙඩ්කෝර් අගය 3.0049කි. දකුණු කළුතර පදිංචි සුසික කළුතර තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ සඳහා හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුලත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම කොළඹ පාසල්වලින් පිට දක්ෂයින් බිහිවීම වැඩි වෙනවා. ශිෂ්‍යත්වය පාස් වෙන ගමේ දරුවා කොළඹට එවන්නේ නැතුවෙ ඒ දිස්ත්‍රික්කයෙ හොදම පාසලට යවන්න. පොඩි දරුවො අම්ම තාත්තගෙන් වෙන් කරලා නේවාසිකාගාරවල නවත්තන එක දරුවට කරන අසාධාරණයක්.
සුබ පැතුම් අපේ රටේ දරුවනේ
කොළඹ පැරද වූ ගමේ කොල්ලනි, ඔබට අපේ ආචාරය! සුබ අනාගතයක්!
අපගේ උණුසුම් සුභ පැතුම් දරුවනේ. ඔබට ජයෙන් ජය අත්වේවා. තෙරුවන් සරණයි.
සුබ පැතුම් ඔවුන්ගේ ඉදිරි ගමනට
ගෝලීය තරගයේ කාරියට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයෝ..., ජයවෙවා...!!!
සුබ පැතුම්...!!!
ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා. ඒක උපතින් ගේන දක්ෂතාවයක්... ඉගෙන ගන්නේ නැති අයට තමයි ප්‍රසිද්ධ ඉස්කෝල ඔනේ... හොද කන්ටෑක්ට්ස් හදාගෙන එතැනින්වත් උඩට එන්න. තක්සලාව කියන්නේ හොදම ඉස්කෝලයක්... එහෙට ගන්නේ 5 ශිෂ්‍යත්වය ඉහළින්ම පාස් අය විතරයි. ඉතින් අනිවාර්යයෙන් මෙ අය ගොඩ යනවා. කොළඹ ගොඩක් පාසල් එහෙම නොවෙයි. වැඩ බැරි, වැඩ පුළුවන් හැමෝම ඉන්නවා.