(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ .
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න යන මහත්වරුන් ද ,අතුරලියේ රතන හිමියන් ද එම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව වාර්තා වේ .
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර ,ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දැනගන්නට ඇත .
එම පක්ෂ නායකයන් ඊයේ පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව ය .
පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කළේය
තමාත් ,වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ,එල් එම් අතාවුල්ලා ,ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් ඊයේ පස්වරුවේ අගමැතිවරයා හමුවූ බව ඔහු කීවේය
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා දැන්වී යැයි ද හෙතෙම සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පෝය 45ක් විතර තියෙනවානේ. අවුලක් නෑ. මම දැක්ක පෝය 45 ගෙවෙන්න කලින් රනිල් මංගල දෙන්නා අමුතු ගේමක් දෙන්න යනවා කියල පත්තරේක තියෙනවා. පාස්කු බොම්බයේ මහමොලකරු ගැනත් දැන් දැන් අදහාගන්න බැරි ජාතියේ ආරංචි පතිරෙනවානේ. මැක්කෝ උනත් කාලෙන් කාලෙට අලුත් පරාණවල එල්ලෙන්න හදන එක අමුතු දෙයක් නෙවේනේ. මේ රටේ මොනවද හැටියට විශ්වාස කරන්න පුළුවන්?
මෙ වෙලාවෙ අවශ්‍ය නැහැ... ඡන්දෙන් පස්සේ එන්න..
මණ්ඩලේ කචල්ද? තවත් මහජන ඇමක්ද?
මේ මිනිස්සුන්ට පිස්සු. වෙන රටවල අගමැතිවරු රෑ දවල් නැතිවෙ මේ වසංගතයෙන් මිනිස්සු බේරගන්ඩ උත්සාහ කරනවා. අපේ අය ඡන්දෙ දිනන්නෙ කොහොමද කියල හොයනවා.
කුක්කාගෙන් තොර මැක්කන්ට පැවැත්ම කිසිසේත්ම නෑ
හැම තත්පරයම බලය අල්ලන හැටි ගැන හිතනවා මිසක් වෙන දෙයක් රාජපක්ෂලාගේ ඔලුවේ නැ ජනතාව බෙදලා රට විකුණලා හරි බලයේ ඉන්න තමයි හදන්නේ....
රට විකුණන්න මිනිස්සු එක්ක අමාරු නිසා මිනිස්සුන්ව අඩු කරගෙන හරක් වැඩි කරගෙන ගේම දෙන්න වගේ යන්නේ..