(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා පවසයි.
නොදිරන කසල බාර ගැනීම, සැලසුම් බාර ගැනීම,දේපල අයිතිය මාරු කිරීමේ සේවා,වීදි රේඛා සහතික නිකුත් කිරීම කාණු පිරිසිදු කිරීම,සෘජු ශ්‍රමික කර්මාන්ත කටයුතු වැනි සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටවු වූ බව ඒ මහතා කියයි.
එමෙන්ම මොරටුව මහ නගර සභාවෙන් සපයන අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය විදුලි ගිනි හා වරිපණම් කටයුතු මෙන්ම මිශ්‍ර ආදායම් දේපල කටයුතු පෙර පරිදිම සිදු කෙරෙන බව ද ඒ මහතා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd