රත්නපුර අය වැයත් පරදි ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ අද (30) පැවති අයවැයට විරුද්ධව බලය හිමි ම පෙරමුණේ උප සභාපතිවරයා ඇතුලූ සභිකයන් පස් දෙනකුද ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් අයවැය පරාජයට පත්විය. 30 December 2021
‘‘ගෑස් හිඟයට විසඳුම් කඩිනමින්‘‘ ගෑස් සිලින්ඩර් 180,000 ක් ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 December 2021
මේ වසරේ 2419ක් රිය අනතුරුවලට බිලි 2021 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 2419 දෙනකු මියගොස් ඇති බව පොලිස් රථවාහන මුලස්ථානය පවසයි. 30 December 2021
කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 December 2021
කිරි තේත් නවත්වයි ආපනශාලාවලින් පාරිභෝගිකයින්ට කිරි තේ ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 30 December 2021
පමුණුගම තදබදය අඩු වෙයි උත්සව සමය ආසන්න වෙත්ම පාරිභෝගික ජනතාවගෙන් පිරී ඉතිරී යන මහරගම පමුණුවේ රෙදි වෙළඳ සැල් මේ වසරේ එවැනි තදබදයකට ලක් නොවූ බව එහි කළ සංචාරයක දී දැකිය හැකි විය. 30 December 2021
බාඳුරාගොඩ දරුවන් සෙවීමේ කටයුතු සී.අයි.ඩීයට කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 30 December 2021
බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනයට පියවර සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 30 December 2021
ලංකාවේ තේ නියමයි ‘‘සාරා‘‘ කියයි තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින්ව ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්ථාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි සාරා රදෆර්ඩ් රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කෙයිම්බතුර් බලා යලි ගමන්ඇරැඹුවාය. 30 December 2021
අධිවේගයේ කොටසක් 15 ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 30 December 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 30 December 2021
ගුටිබැට හූ හඬ මැද වාරියපොළ සභාව විනාඩි 45කින් නවතී වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම ගුටිබැට හුවමාරු හේතුවෙන් විනාඩි 45කට සීමා විය. 30 December 2021
‘ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ’ ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය. 30 December 2021
‘දුම්රිය ගාස්තු සංශෝධනය කරන්නේ නැහැ’ ඉන්ධන මිල ඉහළ නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදුකළත්මේ මොහොතේ කිසිලෙසකින්වත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය. 30 December 2021
එ.ජා.ප.ය ලබන සතියේ රටපුරා දේශපාලන කටයුතු අරඹයි ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරාම එකවර දේශපාලන කටයුතු ලබන සතියේ සිට ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 30 December 2021
ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර යළි භාරගනියි ලාෆ් ගෑස් පාවිච්චි කරමින් සිටින පැරණි සිලින්ඩරවල ඇති ගෑස් ප්‍රමාණය කිරා බලා භාරගෙන ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා ’ලංකාදීප’ යට පැවැසීය. 30 December 2021
ව්‍යාපාරිකයාට තර්ජනය කර කැබ්රිය පැහැරගෙන තිදෙනෙකු ගෙන් යුතු කොල්ල කල්ලියක් අද (30) පෙරවරුවේ උණගහදෙණියේදී ව්‍යාපාරිකයකුට පිස්තෝලයක් එල්ල කර ඔහු මරා දමන බවට තර්ජනය කර එළියට ඇද දමා ඔහු පදවා ගෙන පැමිණි ඩබල් කැබ් රථයක් පැහැර ගෙන ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 30 December 2021
‘අපි හදපු ආණ්ඩුවෙන් යන්නේ මොකටද ?’ ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 30 December 2021
කිරිපිටි කිලෝවක් රු:150 කින් ඉහළට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය. 30 December 2021
ඔන් ලයින් තවත් බිල්ලක්? කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර තම නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 30 December 2021
ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණා මාට්ටු ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගනිකා මධ්‍යස්ථානයක් වටලා කළමනාකාරිනිය සහ තවත් කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 30 December 2021
රැඳවියාට ගෙනා බත් පාර්සලයේ කුඩු ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවකුට ලබා දීමට ඥාතීන් රැගෙන ආ බත් පාර්සලයේ තිබී මත්කුඩු පැකට් 4 ක් සොයා ගත් බව බන්ධනාගාර මූලස්ථානය කියයි. 30 December 2021
’’කේවට්ටයන් නිසා රට ගෙනියන්න බෑ’’ ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. 30 December 2021
වියලි කාලගුණයේ වෙනසක් පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 December 2021
ගතින් දුබල වුවත් සිතින් ශක්තිමත් දියණියගේ ආදර්ශමත් ක්‍රියාව ශ්වසන ආබාධයක් නිසා වසර 13 තිස්සේ ගිලන්ව සිටින දියණියක නවකතාවක් ලියා එයින් ලැබුණු මුදලින් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලද මුදල්වලින් රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා වෙන්ටර්ලේටර් යන්ත්‍රයක් නිකවැරටිය මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ පුවතක් කැස්බෑව මාකන්දනෙන් වාර්තා වෙයි. 29 December 2021
යුද හමුපති සුඩානයට යන සාම සෙබළුන්ට සුභ පතයි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ රාජකාරි සඳහා යන සෙබළුන්ට සුභ පැතීම සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළට පැමිණ සිටියහ. 29 December 2021
නැගෙනහිර මුහුදේ භූ කම්පනයක් නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 December 2021
ලිට්රෝ ගෑස් සැපයුම ලක්ෂයේ සිට 40,000 ට බැහැලා ලිට්රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 29 December 2021
කොවිඩ් ආසාදිතයන් 419 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 419 දෙනකු අද(29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 December 2021
කොවිඩ් මරණ 21 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026