
දැනට ආනයනය කර ඇති දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ හදා වහාම ධාවනයට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන නිලධාරිනට අද උපදෙස් දුන්නේය.
ඉකුත් පාලන කාලයේ දී දුම්රිය මැදිරි කට්ටල 160ක් ඇණවුම් කර ඇති අතර ඉන් දැනට දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව 40කි.
මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ අලුත්වැඩියා කර කෙටි දුර ධාවනයට එක් කරන ලෙසත් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිඳු සේවකයකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපති මෙහිදි කියා සිටියේය.
ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම ජනාධිපතිවරයා ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනකම් ඉන්න ඕනෑද? ලොක්කන් ඉන්නේ පුටු රත් කරන්නද.. ?
ඉන්දියාවේ කසිකබල් කැඩිච්ච දුම්රිය කට්ටල සල්ලිවලට ලංකාවට ගෙනැල්ලා දැන් හදාගෙන පාවිච්චි කරන්න කියලද මේ කියන්නේ? ධාවනයට කෙසේ වෙතත්, තව ටික දවසකින් පරණ යකඩ වලට ඉන්දියාවටම ආපසු දීලා ගානක් අතට අර අරගෙන බිස්නස් එක සාර්ථකයි කියන එක තමයි, ලංකාවේ මහා ලොකු පරිපාලනය කියලා කියන්නේ? නැත්නම් ඉතින් අර චීනගේ අශුචි නැවට නිකම්ම ඩොලර් හැටනව ලක්ෂයක් ගෙවලා තව මෙතන පම්පොරිත් ගහනවනේ අපේ රටේ මහා ලොකු පාලකයෝ.. අපිට නම් මේවා ඇහෙද්දී අර කොහෙන්ද මන්ද හිනා යනවා...