කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර්ට කෝවිඞ් 19 ආසාදනය වී ඇතැයි ”ක්ලැරන්ස් හවුස්”  නිවේදනය කරයි.  

පී.සී.ආර් පරීක්ෂණය පොසිටිව් වීමෙන් පසු කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බව ”ක්ලැරන්ස් හවුස්”  නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

74 හැවිරිදි කැමිලා ආදිපාදවරිය එන්නත් දෙක සහ බූස්ටර් එන්නත ද ලබාගෙන  ඇති බව ආරංචි මාර්ග පවසයි.

(රොයිටර්ස් අසුරින් විමුක්ති එස් රුද්‍රිගු)