
(ෂේන් සෙනෙවිරත්න)
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන අයුරින්ම හනුවර නගරයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපට විරෝධතාවක් පැවැත් වූ කම්කරු සංවිධානයක් විසුරුවා හැරීමට මහනුවර පොලිිසිය කටයුතු කළේය.
මහනුවර කම්කරු කාර්යාලය ඉදිරිපිට ලංකා වතු කම්කරු රතු කොඩි සංගමය සංවිධානය කළ එම විරෝධතාව හේතුවෙන් ඒ ඉදිරිපිට පැවැති විභාග මධ්‍යස්ථානයේ කටයුතුවලට මෙන්ම දරුවන්ගේ විභාගයට බාධා එල්ල විය.
අදාල විභාග මධ්‍යස්ථානයේ බලධාරීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විභාග මධ්‍යස්ථානයක් අසල කෑකෝගසමින් උද්ඝෝෂණය කිරීම නීති විරෝධී බවත් ඊට එරෙහිව පියවර ගත හැකි වරදක් බව ද ඔවුන්ට පෙන්වා දුන්නේය.
වතු වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000 ක් කරන බවට පඩි පාලක සභාව හමුවේ එකඟ වූ වතු හිමිකරුවන් කම්කරු සාමූහික ගිවිසුමෙන් පවා ඉවත් ව දැඩි නීතිරීති පනවමින් වෘත්තීය සමිති මර්දනය කරමින් කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිසුන්ව මෙතනට ගේන්න ඇත්තේ මොකක් හරි පක්ෂයක අය වෙන්න ඇති... තැනක් නොතැනක් නොදන්නා හිස් මිනිසුන්..!