(සුජිත් හේවාජුලිගේ)
තමා බිරිඳ සහ දියණිය නිවෙසේ නිදාගෙන සිටියදී අලුයම 2ට පමණ හතර වටින් ඇසුණු විශාල වෙඩි සද්ද සමඟ නිවෙසට ගල් මුල් වරුසාවක් එල්ලවූ බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය.
පිළියන්දල පිහිටි සිය නිවෙසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ ප්‍රකාශ කළේය.
ඔහු සිද්ධිය විස්තර කරමින් වැඩිදුර කරුණු මෙසේද පැවැසීය.
" මම බිරිඳ දියණිය නිවසේ නිදාගෙන ඉද්දි හරියටම දෙකට විතර ගේ අවටින් විශාල වෙඩි සද්දයක් ඇහුණා. ඒ සද්දෙ ඇහිලා විනාඩි කිහිපයක් ගියා පමණයි. මගේ නිවෙසට ගල් මුල් ප්‍රහාර එල්ල වන හඬක් ඇසුණා. සමහර ගල් වැටුණේ වහළට. එක ගලක් බීරලුවකට වැදී දැළක පැටලී එල්ලී තිබෙනු දුටුවා.
ඊට පස්සේ මම වන් වන් නයින් පොලිස් ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයට කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා . අසල්වාසියකුටත් කෝල් කරලා කිව්වා. පස්සේ ඒ අසල්වාසියාත් ගෙදරට ආවා. අපි දෙන්නම ගේ වටේ ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා බැලුවා.
ගෙදර ස්ථාන ගණනාවකට ගල් මුල් දැඩි අලාභ හානි වෙලා තිබුණා. තැන් තැන්වල අසූචි වැටී තිබුණ. අසූචි පිරවූ මුට්ටියක්ද මිදුලේ තිබිලා හමුවුණා.
ගල් මුල් වැදුණු ඉසව් බැලුවම ඒව එල්ල කරල තියෙන්නෙ අපි නිදියන ප්‍රධාන ඇඳවල් ඉලක්ක කරලයි. ඒක හොඳට පේනවා. නමුත් එදා රෑ අපි නිදා ගත්තේ ඒ කාමරයේ නොවෙයි. ඒ නිසා අපි බේරුණා. ඒ කාමරේ ජනෙල් වීදුරුවලට හානිවී තිබුණා.
මේ ප්‍රහාරයට හතර දෙනකු ඇවිත් තිබුණා. එක්කෙනෙක් ආරක්ෂක නිලධාරියා තර්ජනය කර බිය වද්දා ඔහු ළඟ ඉදිද්දි අනෙක් තුන් දෙනා මිදුලට ඇවිල්ල තියෙනවා. ඒ අය තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ.
අපි මාධ්‍යවේදීන් විදියට කටයුතු කරන්නෙ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නෙ. එහෙම කරන අයට ලැබෙන්නේ මෙවැනි දේවල් නම් මේ රට යන්නේ කොහාටද. මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ අදාළ පාර්ශ්ව විධිමත් ආකාරයට විමර්ශන පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයාත් අද මගේ නිවසට ඇවිත් සිද්ධිය සොයා බැලුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පොලිසියක් තිබුණාට, බොහෝවිට පොලිසිය පැමිණෙන විට අපරාධ සිදුවී හමාරයි. කෙනෙකුගේ ආත්මාරක්ෂාව මූලික මිනිස් අයිතිවාසිකමක්. එබැවින් කෙනෙකුගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර දිය යුතුයි.
මාධ්‍ය වේදියෙක් හෝ කිසිම කෙනෙක් අනුන්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවන්න හොඳ නැහැ. එහෙම කරාම ඔයවගේ දේවල් වෙන්න පුළුවන්. නින්දා ප්‍රශංසා විඳගන්නත් පුරුදු වෙන්න ඕනෑ. කාටත් පොදුයි.
අපේ ජන බලවේගේ පක්ෂය සභාපති සමග ළඟදි තිබ්බ ඉන්ටර්වීව් එකේ ප්‍රතිඵල...!!!
මාධ්‍යවේදියෝ කිව්වාට මෙයාලා කරන්නෙත් සල්ලිවලට කාට හරි කඩේ යන එක. කාටහරි අපහාස කරන එක. මේක මෙයාම කරගත්තු දෙයක්ද දන්නේ නෑ...
මාධ්‍යවේදීන්ට කරන මෙවැනි බියගුළු ප්‍රහාර, අශිෂ්ඨ සමාජය අනුමත කරන්නේ නැත. නමුත් චමුදිත ඉස්සර කළා වගේ ගොට්ටන්ට කඩේ ගියානම් මෙහෙම වෙන්නේ නැහැ. ඔබලාත් ගල්, මුල්, අසූචි ගහන්නේ ඔබලා විසින් ඇතිකළ මතවාදවලින් බලයට පැමිණි දේශපාලුවන් විසින් නටවනු ලබන රූකඩ යහපාලනයේ සහ පොහොට්ටුවේ වෙනස දැන් චමුදිත තේරුම් ගන්න.