(රංජන් කස්තුරි)

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.

කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන්  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මියගෙන් අප කළ විමසීමකදි සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සියලු සායන වසාදමා ඇති බවයි.