
(රංජිත් රාජපක්ෂ)
වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ජාවාරම්කරුවෙක් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නිවසක වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් රොගින්ට ප්‍රතිකාර ලබා දෙමින් තරුණයන්ට මත්පෙති අලෙවි කර කරන බව පොලිසියට ලැබුණු තොරතරුක් මත මෙම වැටලීම කර ඇත..
සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ ඖෂධ වෙලදසැලක සේවකයකු බවත්, ඔහු සන්තකයේ තිබි මත්පෙති 338 ක් අත්අඩංගුවට ගත් බවත්, මත්පෙති ලබා ගැනිමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බවත් වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd