‘(රංජන් කස්තුරි)
සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ.
කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමෝ ඒ බව පැවැසූහ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙමින් හා සුදුවෑන් සංස්කෘතිය යළි කරළියට එමින් තිබෙන බව ද රට ඒකාධිපතිවාදයකට තල්ලුවෙමින් ඇතැයි ද එහිදි සිරිල් ගාමිණි පියතුමෝ සඳහන් කළහ.
ෂෙහාන් මාලක ගමගේ මහතා පාස්දු දා ප්‍රහාරයේ වින්දියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සාධාරණයක් ඉල්ලා හඬනැගූ බව ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd