
(යොහාන් භාසුර)
මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ.
එහි පළමු පියවර යටතේ මෙරවැව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 31 ක් තෝරාගත් බවත් එහිදී එක් පවුලක අක්කර තුන බැගින් අක්කර 93 ක අස්වැන්න නෙළා දෙන බවත් ගුවන් හමුදාව කියයි.
මෙම ව්‍යාපෘතිය මගින් එක ගොවි පවුලකට රුපියල් 30,000 සහනයක් ලැබෙන බවත් එහි දෙවැනි සහ තෙවැනි අදියර කනුගහවැව සහ අම්පාර යන ප්‍රදේශවල ක්‍රියාත්මක කරන බවත් ගුවන් හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ගොවි ජනතාවගේ ආදායම ඉහළ දැමීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. පක්ෂ භේදයකින් තොරව මෙම කාර්යය කළ යුතුයි. මෙලෙසම ගොඩ ඉඩම් වගාවේ දී මෙන් ම කුඹුරු වල සී සෑමේ කටයුතු වල්දී ද ට්‍රැක්ටර් භාවිතයෙන් ඔවුන්ගේ මූලික කටයුතු නිම කර දීමට පුළුවන් නම් එයද ඉතාම හොඳ පිටුවහලක් වේවි. හැබැයි ගොවියන් තෝරාගැනීමේ නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වෙනවා.