
(ඉන්දිකා රාමනායක)
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු රන් සහ පළිඟු කරඬු 9ක් සොරාගැනීමට සිද්ධියේ පරීක්ෂණඅද (14) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද ඒ මහතා කීය
ඉකුත් (12) දින අළුයම කිසිවකු විසින් මෙම ධාතු මන්දිරයට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවද ඒ මහතා කීය..
ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත්කොට තිබූ රන් කරඬු 6ක් සහ පළිඟු කරඬු 3 ක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
ඓතිහාසික වටිනාකම වසර 2000 ඉක්මවන බවට සඳහන් වන බව පොලිස් ආරංචි මාධ්‍ය සඳහන් කරයි..
මෙම සිද්ධිය සැලවීමත් සමගම රඹුක්කන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර, පසුව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට එම පරීක්ෂණ පවරා තිබිණි.
පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (සොකෝ), ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් , බුද්ධි අංශ නිලධාරින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සොරකම සිදුවී ඇත්තේ. ධාතු මන්දිරයේ දොරගුළු බිද නොව, දොරගුළු විවෘත කරගෙන බව පොලීසිය සැකකරයි.
ධාතු මන්දිරය ඇතුළු විහාරස්ථානය ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද ස්ථාපිත කර ඇතත් මාසයකට වැඩි කාලයක සිට එම ආරක්ෂක කැමරා පද්ධති අක්‍රියව පවතින බව පරීක්ෂාවේදී තහවුරු වූ බවයි.
මෙම ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති බව දන්නා අයෙක් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd