
(ඩයනා උදයංගනී)
කොළොම්පුර මහා කලා මංගල්‍ය හෙවත් කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර හෙට (15) සහ අනිද්දා (16) රාත්‍රී 7.00 සිට වීදි සංචාරය කෙරේ.
මෙවර මෙම පෙරහර පැවැත්වෙන්නේ 44 වැනි වරටය.
එහි මංගල හස්ති රාජයා මහ සධාතුක කරඬුව තැන්පත් කිරීම හෙට (15) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර අනිද්දා (16) දා සධාතුක කරඬුව තැන්පත් කරනුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙවර නවම් මහා පෙරහර උද්‍යාන වීදියේ සිට සිදුකෙරෙන අතර එය ශ්‍රී ජිනරතන පාර, හුණුපිටිය වැව පාර, ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දිය ඔස්සේ නවලෝක රෝහල ඉදිරිපිටින් හැරී ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත සීමාමාලකය ඉදිරිපිටින් මුත්තයියා පාර, බේබෲක් වීදිය, නුගගහ වටරවුම, ශ්‍රී ජිනරතන මාවත හුණුපිටිය හරස්පාර ඔස්සේ වීදි සංචාරය කර නැවතත් ගංගාරාම විහාරස්ථානයට ළඟා වනු ඇත.
මෙම පෙරහැර මංගල්‍යයේ මල් පෙරහැර පසුගිය 9 වැනිදා ආරම්භ වූ අතර එය අද (14) අවසන් කෙරිණි.
මෙවරත් නවම් මහා පෙරහරට අලි ඇතුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන අතර උඩරට, පහතරට හා සබරගමු නර්තනයන් ඇතුළු අංග රැසක් ද ඇතුළත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නවත්තලා පෙරහැරට යනමුදල් කන්දරාවෙන් දුප්පත් අසරණයින්ට කන්න දුන්නම බුදුන් වහන්සේගේ ආශිර්වාදය ඔබලාට ලැබේවි...!