(ඉන්දිකා රාමනායක)
මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව සිවිල් ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (14) සවස පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
ෂෙහාන්න් මාලක ගමගේ අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්ති ප්‍රකාරව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ එම ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා 08ක් ඔහු කැදවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස ගාණක් රිමාන්ඩ් එකේ තපින්න වෙයි සර්ට පින් සිද්ද වෙන්න, කටවල් වහගෙන ඉන්න කාලේ ඇවිල්ලා ළමයිනේ...!
ප්‍රකාශයක් සිදුකළා. හැබැයි කරපු උන් එළියේ... සාපම වේවා...!!! වහල් පාලනයට...!
දේශපාලන බළල් අත්වලටයි, වාචාලයින්ටයි ඉදිරියට ටිකක් කරදර වෙයි. රන්ජන් වගේ නැතුව කියන දෙයක් සාක්ෂි ඇතිව කියන්න වෙයි..
තමන්ට හිතෙන හිතෙන දේවල් කියන්න මාධ්‍ය සංදර්ශන තියෙන එකම රටද කොහේද? මේක හරියට පික්පොකට් කාරයත් හොරාව අල්ලන්න දුවනවා වගේ වැඩක්...