පාර්ලිමේන්තු කටයුතු ඇරැඹෙයි නියොජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්විය. 05 April 2022
පාර්ලිමේන්තු අවට දැඩි රැකවල් පාර්ලිමේන්තු අවට ප්‍රදේශයේ සන්සුන් වාතාවරණයක් පවතින අතර ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනු දැකගත හැකිවිය. 05 April 2022
අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් වෙඩිතබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අඟුණකොළපෑස්ස රෝහලට ඇතුළත් කොට ඇති බව අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. 05 April 2022
ඩලස් ජනපතිට ලිපියක් යවයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කරඇත. 05 April 2022
ප්‍රදේශ රැසකට අද සවස වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (5) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2022
හිරු මුදුන්විම ඇරැඹෙයි සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2022
ඥානක්කාගේ නිවස වටලති අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට අද (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 05 April 2022
ජනපති ලේකම් කාර්යාල අසල විරෝධයක් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විසාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.එම කර්යාලය අසල රැඳීසිටින 500ක් පමණ පිරිස විවිධ සටන් පාඨ කියමින් ආණුඩුවට විරුද්ධව විරෝධතාවයේ නිතර ව සිටිති. 04 April 2022
විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි. 04 April 2022
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දෙයි. 04 April 2022
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස් වෙති විශේෂඥ සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය සහ දයාසිරි ජයසේකර, ප්‍රියංකර ජයරත්න ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍යධූරවලින් අද (4) ඉල්ලා අස්වූහ. 04 April 2022
කොවිඩ් ආසාදිතයන් තව 112 ක් කොවිඩ් ආසාදිතයින් තව 112 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 04 April 2022
කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් සිවුදෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 April 2022
උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇති කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනීී සිටීමටද තීරණය කොට ඇත 04 April 2022
ලොකුගේ ගේ නිවෙස වැටලූ පිරිසට කඳුළු ගෑස් හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිස විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 04 April 2022
කොළඹදී විරෝධතා රැසක් ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි. 04 April 2022
අමාත්‍ය නාලකගේ කාර්යාලටය බිත්තර ප්‍රහාරයක් දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය. 04 April 2022
පාර්ලිමේන්තුවේ හෙට පුටු පෙරළියක් පාර්ලිමේන්තුව තුළ හෙට (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය. 04 April 2022
බහුතරය පෙන්වන අයට බලය පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 04 April 2022
නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කර ඇත. 04 April 2022
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීගෙන් මගීන්ට දැනුම් දීමක් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත් ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කල් වේලා ඇතුව කරගන්නැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 04 April 2022
’’ඉන්නවද මළාද කියල සොයා නොබලපු ආණ්ඩුව සහය ඉල්ලීම විහිළුවක්’’ මෙපමණ කාලයක් ඉන්නවාද මැරුණාද කියලා සොයා නොබලපු ආණ්ඩුව අද විපක්ෂයේ සහය ඉල්ලීම මේ රටේ ලොකුම ලොකු විහිලුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 04 April 2022
තරුණ අරගලයට එතෙර ලාංකිකයන්ගෙන් සහය වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අද (04) විරෝධතාවයක් සංවිධානය කළ තිබිණි. 04 April 2022
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත. 04 April 2022
‘‘බල පෙරේතයන්ට දාලායන්න වෙලා‘‘ රටේ මහජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවම තන්හාව සහ බල පෙරේතකමට බලය බදාගෙන හිටිය පුද්ගලයන්ට අතහැරීමට සිදුව ඇති බවත් 69 ලක්ෂයේ ජනවරම දිහා විවෘතව සහ අවංකව නොබලා ජනවරම වැරදියට අර්ථකතනය කර එය පවුල් දේශපාලනයට ලැබුණු වරම් ලෙස සැළකූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (4) පැවසීය. 04 April 2022
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සමට දින නියමවෙයි විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය. 04 April 2022
රූ රැජින - රූ රැජන හබය අදත් අධිකරණයට ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව තමන් නිවැරදිකරුවන් බව 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරි සහ නිරූපණ ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර යන මහත්මින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (04) ප්‍රකාශ කළාය. 04 April 2022
කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. 04 April 2022
ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක් සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ. 04 April 2022
“දෙමටගොඩ රුවන්ගේ” අනියම් බිරිය යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා සහ ඔහුගේ අනියම් භාර්යාව බව කියන සුබෝධා දයාන්ගනී නමැත්තිය ලබන 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය. 04 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026