(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා නාවලපිටියේ සිට බදුල්ල දක්වා අත්හිටුවා ඇති දුම්රිය ධාවනය ලබන අඟහරුවාදා (9 වැනිදා) පස්වරුවේ නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය දක්වා පමණක් මේ වන විට දුම්රිය ධාවනය වන බවත් අඟහරුවාදා පෙරවරුව වන දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් එම නිලධාරියා කීය.