නිරූපමා රට යයි නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ. 06 April 2022
හදිසිය ඉවතට මහජන හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 06 April 2022
තීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයි රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 05 April 2022
චමල් සාඨකය නැතිව මැතිසබයට දුඹුරු පැහැති සාටකයකින් නිතර සැරසී සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සාටකය රහිතව පාර්ලිමේන්තු සභා ගර්භයට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය. 05 April 2022
ආසාදිතයන් 113 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිතයින් තව 113 දෙනෙක් අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 April 2022
අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක් විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි. 05 April 2022
කලකින් කොරෝනා මරණවලට තිත කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (4) දින වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 05 April 2022
මිරිහානේ සැකකරුවන්ට ඇප මිරිහාන,පැගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු එක් අයෙකුට ලක්ෂ විසිපහ බැගින් වන ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අද නියෝග කළේය. 05 April 2022
ජනාධිපති-ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේ දී මේ වන විට පැවැත්වේ 05 April 2022
සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (5) විරෝධතාවක් පැවැත්වීය. 05 April 2022
ආණ්ඩුවට බහුතරය තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට යැයිද ආණ්ඩුවට බහුතරය නැතැයි විපක්ෂය කියනවා නම් විපක්ෂයේ බහුතරය ඉදිරිපත් කරන්නැයි ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 April 2022
ලැබුණු එළවලු දඹුල්ලේ වේලෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ( 05 ) එළවළු කිලෝ ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහෙත් එළවලලු මිලදී ගැනීමට පමිණෙන පිටස්තර වෙළඳුන් ගේ අඩුවීම හේතුවෙන් එළවලළු මිල පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි. 05 April 2022
ආටිගල ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 05 April 2022
තිස්ස ජනනායකත් සමාව ඉල්ලයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ. 05 April 2022
අලුත් මුදල් ඇමැති බන්දුල? නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය. 05 April 2022
ඩොලරය තවත් රුපියලකින් ඉහළට මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 289.72වූ අතර විකුණුම් මිල 299.99 ලෙස සටහන් විය. 05 April 2022
නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 05 April 2022
‘සියලු දෙනා එක්ව අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි‘ විධායකයට ක්‍රියා කරන්නට බැරි වී ඇති හෙයින් වගකීම පාර්ලිමේන්තුව බාරගෙන සියලුම දෙනා එකතු වී අර්බුදයට විසඳුමක් සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අද (5) පැවසීය. 05 April 2022
‘විද්වතුන්ගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් පත්කරන්න‘ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මන්ත්‍රීවරු අඩියක් පස්සට තබා දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එම විද්වතුන්ගෙන් සමන්විත ප්‍රායෝගිකව කටයුතු කළ හැකි මුදල් මණ්ඩලයක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩබලන සභාපති, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) පැවසීය. 05 April 2022
අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 05 April 2022
කාදිනල්තුමෝ විරෝධයට එක්වෙති රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට දී පැවැත්විණි. 05 April 2022
ආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයි ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
‘හදිසි නීතිය පැනවීම ගැන එකඟ වෙන්නේ නැහැ‘ හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
’’මහජන දේපල කොල්ල කෑ ඇවන්ගාඩ් ලොක්කා රටෙන් පැනලා’’ කෝටි ගණනින් මහජන දේපල කොල්ල කෑ නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපළෙන් පැන ගොස් තිබෙන බව ජාතික ජන බලවේගයෙ ගම්පහ බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
ලංකා කම්කරු කොංග්රසයත් ස්වාධීන වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
පොහොට්ටුවේ 10 ක් ස්වාධින වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය . 05 April 2022
නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ස්වාධින වන බව හිටපු ජනපති කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026