
(රංජිත් රාජපක්ෂ)
මද්දකට හසු වු කදුකර කොටියකු මද්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ සමර්හිල් කොටසේ තේ වත්තේ යුකෙලෙප්ස්ටික් ගසක අද දින කදුකර කොටියා සිර වි ඇත.
තේ වත්තේ සැරිසරන කදුකර කොටියන් සහ වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවන ලද මන්දකට හසු වු කදුකර කොටියා එම මන්ද කඩාගෙන දිවවිත් එය ගලවාගැනිමට ගසට නැග ඇති අතර, එහිදි කදුකර කොටියා ගසක මැද සිර වි ඇත.
ගස මැද සිර වි සිටින කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන කදුකර කොටියාට ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන කඳුකර කොටියාට ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියත් අවසානයේ නිර්වින්දනයකින් තොරව ගස කපා කොටිය බේරාගැනීමට කළ තීරණය නිසා අවසානයේ කොටියාගේ ජිවිතය සහ ගසත් පරිසරයට අහිමිවිය. ගස කපා කොටියා බේරාගැනීමට තීරණය ගත් පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන්ට දඬුවම් ලබාදිය හැකි වරදක් නොවේද? මෙම කපනලද ගසට යටවීම නිසා පුද්ගලයකුට හානිවුයේනම් වගකියන්නේ කවුද?
එළුවාගෙ මූන මුට්ටිය ඇතුලට ගියාම මුට්ටිය බේරගන්න එළුවගෙ බෙල්ල කපන්න කිව්ව මහදැනමුත්තා ක්‍රමයේ වැඩක් කරල තියෙන්නෙ. අන්තිමට එළුවත්නෑ මුට්ටියත් නෑ.
රටකට මොනතරම් වටිනා ස්වභාවික සම්පත් ප්‍රමාණයක් සතා සීපාවා අනෙකුත් මහඟු දායාද වනසෙනවද..? කිසිම වටිනාකමක් නොදන්න සමාජයක් නිර්මාණය කල උන්ට දඬුවම් කළ යුතුයි... පුදුම දුකක් ඇතිවෙන්නේ අපේ රටේ පාලකයෝ ගැනත් ඔවුන් විසින් නිර්මාණය කළ සමාජය ගැනත්