(ඩයනා උදයංගනී)
ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත.
මෙහි දෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත්, තෙවන ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත්, සිවුවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් හිමිව තිබේ.
ඉන්පසු පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා රුහුණ, කැලණිය, රජරට, යාපනය, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ විවෘත විශ්ව විද්‍යාලය ශ්‍රේණිගත කර ඇත.
මෙම වසරේ ජූලි මාසයට අදාළව මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත.
මෙවර ලොව හොඳම විශ්ව විද්‍යාලය ලෙස පළමු ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවේ ‘හාවඩ්‘ විශ්ව විද්‍යාලය වන දෙවැනි ස්ථානය ‘ස්ටැන්ෆර්ඩ්‘ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. පසුගිය වසරේද මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවන ස්ථාන හිමිව ඇත්තේ එම විශ්ව විද්යාලයන්ටය.
ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ දී 1531 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය 1964 වන ස්ථානයේත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය 1974 වන ස්ථානයේත් පසුවේ.
පසුගිය වසරේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම්වලදී ද මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව තිබූ අතර, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එයට හිමිව තිබුණේ 1591 වැනි ස්ථානයයි. ඒ අනුව එය මෙවර ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 30ක් ඉදිරියට පැමිණ ඇත.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතර දෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයටත්, සිවුවැනි ස්ථානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිව තිබිණි.
‘වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශේණිගත කිරීම‘ යනු ස්පාඤ්ඤයේ ‘සයිබර්මෙට්රික්ස් ලැබ්‘ පර්යේෂණ සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරනු ලබන සමීක්ෂණයක් වන අතර, එය මුළු ලෝකයේම පිළිගැනීමට ලක් වූ ආයතනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන හොඳට පේනව අපේ රටේ මහාචාර්යවරු විශ්වවිද්‍යාල විනාස කරලා. 1531, හෙ... හෙ.... හැබැයි මුන්ගෙ පඩිය ඇහුවනම් ලක්ෂ 30 යි, අරගල වලට සහාය දෙන එක තමයි කරලා තියෙන්නේ. උගන්නලා නෑ. කවුද වැරදි රජ්යද මහාචාර්යවරුද? මේවා පේද්ගලික කරණයවිය යුතුයි.
දවල්ද?
බලන්න 12 වැන්න මොකක්ද කියලා ඒක හැමදාම කරන්නෙ වර්ජන උද්ඝෝෂණ පමණයි. ඒකෙ ආචාරවරියක් ලප වානර කණ්ඩායමේ ඉන්නවා කියලා අහල තියෙනවා ඒක තමයි එම විද්‍යාලය එහෙම පල්ලම් බහින්න හේතුවෙලා තියෙන්නෙ ලපයො වැඩ කරන්නෙ එහෙම නම් උන්ට රටේ පාලනය දුන්නොත් මොකද වෙන්නෙ කියලා බුද්ධිමත් ජනතාව තේරුම්ගන්න ඕන
විවිධ රටවල පවතින ක්‍රමවේදයන් ලෙස මෙරට උසස් අධ්‍යාපනය රාජ්‍ය සහායෙන් ලබන දේයක් බවට පත්කළ යුතුයි. තව ආකාරයකින් කීවොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සැවෝම තමන් ලබන අධ්‍යාපනයට අදාළව පුර්ණ වියදම නැවත රැකියාවක් කොට (තමා කැමති අයුරින්) රජයට ලබා දිය යුතුවේ. එවිට වනුයේ තමා අධ්‍යාපනය හැකි ඉක්මනින්ම අවසන් කර රටටද තමන්ටද වැඩදායී පුද්ගලයෙකු වීමයි. ළමයින්ගේ උනන්දුව වැඩි වනවිට ආචාර්යවරුත් උනන්දුවෙන් වැඩ කරාවි. රටේ ඉදිරි ගමනට විශාල මෙහෙයක් ලබාගත හැකිවේවි.
ආ මේ ලංකාව ඇතුලත ශ්‍රේණිගත කරලා.
පේරාදෙණියට වඩා මොරටු විශ්ව විද්‍යාලය බොහෝ ඉදිරියෙන් ඉන්නේ. මේ ශ්‍රේණිගත කිරීමේ වරදක් තියෙනව.
වෙබෝමෙටි්රක්ස්වලින් කෙරෙන්නේ විශ්වවිද්‍යාලවල වෙබ්සයිඩ් අනුව විශ්වවිද්‍යාල අනුපිළිවෙලට ස්ථානගත (ranking) කිරීමයි. මෙය විශ්ව විද්‍යාල වල පරීක්ෂණ අධ්‍යන කටයුතු අනුව පමණක් කළ වර්ග කිරීමක් නොවේ. පරීක්ෂණ හා අධ්‍යන පදනම මත වර්ග කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පවතින්නේ ලෝකයේ පහළම අඩියක.
ලංකාවේ උසස් තනතුරු දරණ අමාත්‍යාංශ ලේකම්ලා වැනි නිලධාරියෝ ඉගෙන ගෙන තිබෙන්නේ මෙහෙ විශ්ව විද්‍යාලවල මේ වගේ ප්‍රමිතිය ඔය කියන තරම් උසස් නම්, අපේ රට නව නිපැයුම් සොයාගැනීම් නැත්තේ තාක්ෂණික, ආර්ථික, කෘෂිකාර්මික ක්ෂේත්රවල දිනෙන් දින පහළට යන්නේ කුමන හේතුවක් නිසාද?
අපේ රටේ උසස් අධ්‍යාපනයට තියෙන කොඩිවිනයක් අන්තරේ මේ තරමින්වත් රෑන්කින් තියෙන එක ගැන සතුටු වෙන්න ඔනේ. ලෝකයේ හොඳම දක්ෂතා ඇති ළමයි අපේ සරසවි වලට ගන්නේ. නමුත් ඒ ළමයින්ට හරියට ඉගෙනගන්න ඉඩ දෙන්නේ නෑ