IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සර්ව පාක්ෂික ආණ්ඩුවට කකුල් මාට්ටු දාන අය ගැන මෛත්‍රිපාල කියයි

 

(සුජිත් හේවාජුලිගේ )

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යන ගමනේදී කකුලෙන් අදින  පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔවුන් කවුදැයි සොයා ගන්නැයිද  ඔහු ඉල්ලීමක් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කොටසක් කැමැත්තෙන් සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක  තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  පැවති රැස්වීමකින් අනතුරුවය.



අදහස් (9)

සර්ව පාක්ෂික ආණ්ඩුවට කකුල් මාට්ටු දාන අය ගැන මෛත්‍රිපාල කියයි

Rexi Sunday, 07 August 2022 10:13 AM

දන්නව නම් කියන්න, නිකම් අර අලුත් අවුරුදු සෙල්ලම්වල සැඟවුණු අමුත්තා පුළුවන්නම් හොයා ගන්න කියනව වගේ.

:       1       26

sam Sunday, 07 August 2022 10:43 AM

සර්ව පාක්ෂික ආණ්ඩුව හදන එකට පුළුවන් තරම් කකුල් මාට්ටු දාලා, ඒවා අසාර්ථක උනාම සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය දෙන්න ආපු මේ වාගේ දෙපත් නයි ලංකාවේ දේශපාලනයෙන් අතු ගා දාන්න ඕනෑ.

:       0       21

Saman Sunday, 07 August 2022 12:09 PM

ඔන්න මං දැක්ක දෙයක් කියන්ම් හොදද. අපේ හිටන් මාමා එක හරිද.

:       0       2

ganegoda Sunday, 07 August 2022 12:24 PM

අර අල්ලගන්න දඟලපු හොරුත් එකක්ද ඔයා ආණඩු පිහිටුවන්න යන්නෙ. අනේ මේ ඔහේට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ නේද?

:       2       9

gameing07 Sunday, 07 August 2022 02:54 PM

ගෙදර හිටියයි කියල මොනව කරන්නද?

:       0       2

fairoos Sunday, 07 August 2022 01:18 PM

මෙයා ජනාධිපතිවෙලා ඉන්නකාලේ රජපක්ෂවරුන්ට කඩේ ගිහින් තමයි රට මේ තත්වෙට වැටුනෙ.

:       4       15

Saththaya Sunday, 07 August 2022 01:56 PM

දැන්වත් රටට මොකද වුනේ කියල හිතන්න . වේලාසනින් මේ විපාකය රටට වෙයි කියල දැකල තමයි හැමෝම කැප වෙලා ඔබව විස්වාස කරලා රට බාර දුන්නේ . අන්තිමට දුරදිග බලා ප්‍රශ්න බේරා ගන්නේ නැතුව අරයවත් එකතු කරගෙන හොදට කාල බීල හිටපු ජනතාව අතරමන් කළා . එයා නම් තාමත් රජකමට දගලනවා , ජනතාවට මොනා වුනත් කමක් නැහැ . හැමෝම සතුටු වෙයි දැන්වත් රට ගැන හිතුවොත් .

:       0       12

සිල්වා Sunday, 07 August 2022 05:32 PM

ඔබතුමා විශ්‍රාම ගන්නවා නම් රටට සෙතක්.

:       0       8

ගමේ එකාලා Sunday, 07 August 2022 05:55 PM

ඔයාගේ වැඩ ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. ආප්ප කාලා පැනපු හැටි, පස්ස දොරින් අගමැතිකම පුදලා රට ගිනි අවුලවපු හැටි අමතකද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site