(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජයන්ත පෙරේරා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා අද දින නවගමුව පොලිසියට කැඳවා සුළු පැමිණි පැමිණිලි අංශයේ සැරයන්වරයකු පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම කාන්තාව සමඟ පැමිණි ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පිහි ප්‍රහාරය ඔහුගේ පිට ප්‍රදේශයට එල්ල වී ඇති අතර බරපතළ තුවාල ලබා නවගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සැකකාර පුද්ගලයා පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය තුළදී අනිනවා මැරෙනවා, උසාවිය තුළදි වෙඩි තියනවා මැරෙනවා, අපේ රටේ නම් මේ වනවිට වගකිවයුත්තෝ අවම දෙන්නෙක්වත් ඉල්ලා අස්වෙලා. ඔය ජහමනදීපේ එහෙම නෑ!!!
අර දේශබන්දු කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න බැරැ, ජනාධිපති නිලනිවසේ පැපොල් බාගෙ කාපු කොල්ලව අල්ලන්න පස්සෙන් එළවන පොලිසියනේ... ඔය පිහියෙන් ඇනපු මනුස්සයාව ඇප පිට නිදහස් නොකළොත් තමයි පුදුමේ... මොකද ඇහින් දුටු සාක්ෂි වෙන්නේ පොලිස් අයියලටනේ..
කොල්ලො කුරුට්ට්න්ව අල්ලන්ඩ ලොකෙ වටෙ යන අපේ බයියල. ඇදුම් නැතුව ඉන්නෙ.