’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’ කෝප්,කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය. 21 September 2022
චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්රය කඩා වැටෙයි? රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. 21 September 2022
අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න කළේය. 21 September 2022
පාර්ලිමේන්තුවේ කතා කාලය නොදෙනවාට ඩලස්ලා විරෝධය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. 21 September 2022
දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 September 2022
පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි රැකියා වෙළෙඳපොළට සරිලන පරිගණක උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය. 21 September 2022
අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය. 21 September 2022
ත්‍රිපෝෂ ගැන බොරු කිවුවාට නිලධාරීන්ට විනය පරීක්ෂණ මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2022
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. 21 September 2022
තෙල් වෘත්තීය සමිති දෙවියන් යදියි රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය. 21 September 2022
‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් ‘කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය. 21 September 2022
ඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක් ධීවරයන් සඳහා නිකුත් කරන භූමිතෙල් ඉන්දීය ධීවරයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු පැවසීය. 21 September 2022
’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 21 September 2022
ජනපති යළි දිවයිනට බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපළ වෙත අද (21) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 21 September 2022
එරෝෆ්ලොට් යළි ගමන් අරඹයි එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ඒවියේෂන් සෝර්ස් වෙබ් අඩවිය වාර්තා කළේය. 21 September 2022
හරීන්ට ඩයනලා පැටලෙයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි. 21 September 2022
වරායේ දොඹකරවලට තරුණ ළඳුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 21 September 2022
වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිලදී නොගත් අවුරුදු දෙකක් වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 September 2022
සමාජ ආරක්ෂණ පනතට කතානායකගේ සහතිකය සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළේය. 21 September 2022
මහේෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කරයි ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික කළ යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබේ. 21 September 2022
ලක්ෂ 18ක පුපුරන ද්‍රව්‍ය අල්ලයි බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දොම්පේ පනන්වල විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 21 September 2022
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි ස්වල්පයක් ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2022
එන්නත් මගින් තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් එම මත්ද්‍රව්‍ය ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 September 2022
කන්දකාඩු රැඳවියකුගේ සිරුරුක් පාළු නේවාසිකාගාරයක පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකුගේ සිරුරු එහි පාළු නේවාසිකාගාරයක තිබී හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 21 September 2022
සේවකයන් තුලනයට අන්තර්ජාල උපාංගයක් ‘කොවිඩ්’ වසංගතය අවසන් වීමෙන් පසුව ආයතනය මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන සේවා ස්ථානවලට නැවත පැමිණෙන සේවකයන් තුලනය කිරීම සඳහා ‘පවර්ඩ් වර්ක් ස්පේස්’ නැමැති අන්තර්ජාල උපාංගයක් හදුන්වා දී තිබේ. 20 September 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විදුලිය කපයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි වූහ. 20 September 2022
ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12 ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ දින නියම කළෙය. 20 September 2022
රටේ තුනෙන් එකක් බඩගින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. 20 September 2022
රිෂාඩ් නිවසේ මරණය ගැන තවත් සාක්ෂියක් වැඩ කළ නිවසේ දී නංගීට නොයෙකුත් කරදර සිදු වී ඇති බවත් නිවසට ගියහොත් මෙම සිද්ධීන් හෙළි වනු ඇතැයි බියෙන් නංගිට මේ දේ කරන්නට ඇතැයි තමා සිතන බවත් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී මියගිය ඉෂාලනී නම් දැරියගේ සහෝදරයා වන විග්නේෂ්වරන් තිරු ප්‍රසාද් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (20) ප්‍රකාශ කළේය. 20 September 2022
සතොස හිටපු සභාපති හෙට තෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 31 කට අධික වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය 20 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025