ලංකාව ලෝක ආහාර උද්ධමනයේ 4වන තැනට ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර තවත් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව හතරවන ස්ථානය දිනා ගෙන ඇත. 20 September 2022
’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් අත්අඩංගුවට විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පානදුර සලිදු’’ නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , ජාවාරම් මුදල් එක්ලක්ෂ පනස් හයදහසක් ,ඇසුරුම් කඩදාසි සහ විද්‍යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි. 20 September 2022
දුම්රිය ආසන ලක්ෂයක් විනාඩි 10 න් බුක් වෙයි දුම්රිය ආසන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාඩි 10 ක පමණ කාලයකදී අන්තර්ජාලයෙන් වෙන්කිරීමට ජනතාව උත්සහ කිරීම නිසා කලින් ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 20 September 2022
පළාත් කීපයකට අද වැසි ස්වල්පයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 September 2022
කොන්සියුලර් කටයුතු අද නැවත ඇරඹෙයි විදේශ අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ සහතික පත් නිකුත් කිරීම අද (20) නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 20 September 2022
පන්සල් පල්ලිවලට දුන් කෝටි හතළිස් අටක් පිල්ලි ගිහින් මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේදී ලබාදී තිබු රුපියල් කෝටි 48 කට ආසන්න මුදලක් අවභාවිතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 20 September 2022
එපා එපා එපා බයිඩන් පුටින්ට අනතුරු අඟවයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, යුක්රේන යුද්ධයේ දී රුසියාව රසායනික අවි ප්‍රහාරයකට හෝ න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරු අනුවය. 20 September 2022
ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. 20 September 2022
හින්දිවලට කැමති සිසුන් 18කට ශිෂ්‍යත්ව හින්දි දිවාස් එසේත් නැතිනම් හින්දි ජාතික සැමරීම සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විණ. 19 September 2022
ලංකාදීප ඡායාරූප ශිල්පී ඩික්සන් සමුගනී ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ඩික්සන් වසන්ත මහතා හදිසියේ අද අභාවප්‍රාප්ත විය. 19 September 2022
රණබිමක පන්හිඳ කෘතිය එළිදැක්වෙයි ලංකාදීප පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා විසින් රචිත රණබිමක පන්හිඳ කෘතිය එළිදැක්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති විශේෂඥ වෛද්‍ය එම්.ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී සිදු කෙරිණි. 19 September 2022
ඉන්ධන නැතුව මුතුරාජවෙල තෙල් පර්යන්ථය වැසෙයි? ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පවසයි. 19 September 2022
‘‘රටේ ගැටළු සහගත තත්ත්වය තවම ඉවර නෑ‘‘ රටේ ඇතිවි තිබු ගැටළුසහගත තත්වය හා පිඩනය තාවකාලිකව සමනය වි ඇතත් ඉදිරි අනාගතයේ දි මිටත් වඩා ගැටළුසහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 19 September 2022
කිතුල්කොටේ චෛත්‍යයේ ධාතු තැන්පත් කරේ තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පූණ්යනෝත්සවය ඊයේ (18) පැවැත්විණි. 19 September 2022
වප් පොහෝදින විහාරස්ථාන අඳුරේ තබයි විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට එරෙහිව වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව තීරණයක් ගත් බව මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ගොඩමුනේ පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ පැවැසූහ. 19 September 2022
සහල්වලට බදු ගැහුවොත් රජය අමාරුවේ රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (19) පැවසීය. 19 September 2022
ජගත් කුමාරගෙන් ජනපතිට ලිපියක් ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 19 September 2022
මහලේකම් කාර්යාලය අසලදී තවත් දුම්රියක් පීලි පනී කොළඹ කොටුව සිට හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය අසලදී අද (19) පස්වරුවේ පීලිපැනීමට ලක්විය. 19 September 2022
නෙළුම් කුලුන නැරඹුම් කාලය වැඩි කරයි දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 19 September 2022
අධිරාජිනිය නික්ම යයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය. 19 September 2022
රෝද තුන ලියාපදිංචිය දශමයට බහී මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. 19 September 2022
විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි කරයි විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 September 2022
නව සේද මාවත ව්‍යාපෘතිය ගැන සම්මන්ත්‍රණයක් නව සේද මාවත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියා ප්‍රගති සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (19) පැවැත්විණි. 19 September 2022
යුක්රේන හමුදා බේරාගත් සිසුන්ගේ විස්තර එළියට ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු යුක්රේනයේ කාර් කිව් පළාතේදී බේරාගැනීම සම්බන්ධයෙන් රුසියා සහ යුක්රේන මාධ්‍ය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇත. 19 September 2022
ජාතික සභාව යෝජනාව හෙට විවාදයට ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය. 19 September 2022
මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක් අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත. 19 September 2022
ගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයි ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 19 September 2022
නෙළුම් කුලුනෙන් දින හතරකදී කෝටියක ආදායමක් කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි. 19 September 2022
චීනය පරදවා ඉන්දියාව පෙරට චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 19 September 2022
ආයෝජන මණ්ඩලය - නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය. 19 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025