චීටා ආයෙත් ඉන්දියාවට වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. 18 September 2022
හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත. 18 September 2022
අදත් වැසි රහිත දිනයක් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. සුළගේ වේගය පැයට කිලෝමිටර් 20 -30 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 -50 විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 September 2022
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී පහර දී පිස්තෝලය පැහැරගත් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 18 September 2022
ත්‍රස්තපනතට එරෙහිව පා ගමනක් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි අද සිදුවිණි 17 September 2022
කෝට්ටේ දළදා පෙරහර වීදි සංචාරය කරයි කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර 122 වරටත් අද විදි සංචාරය කළේය. ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනෙන් ආරම්භ වූ පෙරහර කෝට්ටේ රාජ මහා විහාරය දක්වා ගමන් කළේය 17 September 2022
රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 17 September 2022
මඟුල් ගෙදර යකා නැටූ 10ක් රිමාන්ඩ් පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් දස දෙනකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (17) පස්වරුවේ නියෝග කලාය. 17 September 2022
දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ඇමති දිලුම් අමුණුගම මහතා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී 17 September 2022
ක්‍රීඩකයන් ලබන ජයෙන් දේශපාලකයන් ළකුණු දමා ගත යුතු නෑ ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 September 2022
රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. 17 September 2022
අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ’පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත. ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්රජීවීන් සිටි බවට තොරතුරු හමුවීමත් සමඟය. 17 September 2022
රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. 17 September 2022
ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක් ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 17 September 2022
ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 September 2022
හිටපු ’’මැකෝ ’’ කට අරී තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 September 2022
යුක්රේනයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 7 දෙනකු බේරාගනිති රුසියානු හමුදාවන්ගේ ග්රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. 17 September 2022
කොරෝනාවට ඇරුණු මැතිසබයේ දොරවල් යළි වැසෙයි රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දවස පුරා විවෘත කෙරුණු පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 17 September 2022
පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ. 17 September 2022
මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී? මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. 17 September 2022
රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. 17 September 2022
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉබාගතේ ගොඩනැගිලි කුලියට අරන් මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 17 September 2022
මගුල් ගෙදරවලියක්:හයක් රෝහලට:10ක් කූඩුවට පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හය දෙනකු රෝහල්ගතකර දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි. 16 September 2022
රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙයි දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි. 16 September 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්ෂා රෝහලට ප්රදානය කළේය. 16 September 2022
කෘෂි ලොක්කා එළියට විසි වෙයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් අද (16) ඉවත් කරනු ලැබීය. 16 September 2022
චිනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් චීනයේ චැන්ෂා නගරයේ පිහිටි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාදය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි. 16 September 2022
ඉසුරු සොයා එතෙර ගිය කතගෙ සිරුර බාර ගන්න එන්නැයි ලිපියක් ඇවිත් මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති. 16 September 2022
කොවිඩ් මරණ තවත් 4ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය. 16 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025