කතා කරන්න නොදෙන බව කියමින් ජී.එල් ජාත්‍යන්තරයට යයි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කළ බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 September 2022
ණය ගැන හෙට සාකච්ඡාවේ රජය ලොකු බලා පොරොන්තුවක් ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.එන්.එන් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. 22 September 2022
අයි.එම්.එෆ් එකඟතා ගැන ජනපති කතානායකට කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා රජය එළැඹි එකඟත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව අධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 22 September 2022
රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ලබන මස 4 දින සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 22 September 2022
ඕස්ට්‍රේලියා ආහාර තොගයේ පළමු කොටස බාර දෙයි ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (21) ලෝක ආහාර වැඩසටහනට නිල වශයෙන් භාර දුන්නේය. 22 September 2022
‘සිපෙට්කෝ’ ඉන්ධනහල් රැසක් පෞද්ගලික අංශයට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 September 2022
අනියම් පෙමට බැහැ කියූ දෙදරු මව මරලා අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාතනය කොට පයිනස් වත්තක සැගවී සිටි ඝාතකයෙකු අද (22) පාන්දර අත් අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පැවසීය. 22 September 2022
’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. 22 September 2022
තැනින් තැනට පොඩි පොඩි වැස්ස බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 22 September 2022
ඇමෙරිකෙයාර් සංවිධානයෙන් වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙස ඇමෙරිකාවේ ලාභ නොලබන ආපදා සහන සහ ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන ඇමෙරිකෙයාර් විසින් ඇමෙරිකානු ඩොලර් 773000 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබිණ. 22 September 2022
ඇමෙරිකන් හිටපු ජනපති ට්‍රම්ප්ට නඩු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. 22 September 2022
බයිඩන් රුසියාවට දෙහි කපයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය. 22 September 2022
ක්‍රිකට් සභාපතිගෙන් මන්ත්‍රී නලීන්ට එරෙහිව පැමිණිල්ලක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව අද (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 21 September 2022
නවක වද සිද්ධියේ සිසුන්ට පොලිස් ඇප පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හළ බව පේරාදෙණිය පොලිසිය කියයි. 21 September 2022
විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර බලශක්ති අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්විණි. 21 September 2022
ජුලී චන්ග් කොටපිටියේ අනු නාහිමියන් බැහැ දකී ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලී චන්ග් මහත්මිය වාද්දුව කෝට්ටේ ශ්‍ර්‍රි කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල අනුනාහිමියන් බැහැ දැක්කාය. 21 September 2022
ලංවීම ඉල්ලුම පී.යූ.සීය ඉවත දමයි විදුලි කප්පාදුව හෙට (22) සිට පැය දෙකයි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය. 21 September 2022
කංසා අපනයනය කරන හැටි ඇමැති කියයි මෙරට ඩොලර් අර්බුදයට විසදුමක් වශයෙන් කංසා ආශ්රිත ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය අරඹමින්, කුමන බාධා පැමිණියද එම ඖෂධ අපනයනය කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා යක්කල දී පැවසීය. 21 September 2022
දරුවන්ට නුසුදුසු පෝෂ නිෂ්පාදනය කළ සමාගම්වලට සිතාසි මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට අද සිතාසි නිකුත් කළේය. 21 September 2022
අතුරුදහන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් මතුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. 21 September 2022
බෑග් හොරා අල්ලන්න ගිහින් පිහි පහරින් මරුට ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ, කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 21 September 2022
වැලි අදින්න හොරට බලපත්‍ර හැදූ මුද්‍රණාලයක් වටලයි භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිවයින පුරා මුදලට අලෙවි කිරීමේ යෙදුණු කුරුණෑගල දඹුල්ල පාරේ මුද්‍රණාලයක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 21 September 2022
ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක් හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 21 September 2022
තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් පන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය. 21 September 2022
කන්නේ ලුණුමිරිසුයි බතුයි:විලච්චියේ දරුවෝ පාසලේ දී ක්ලාන්තය වෙති අනුරාධපුර තන්තිරිමලේ පාසල්වල කුඩා දරුවන් 15 - 20 අතර ප්‍රමාණයක් දිනපතා පැවැතිවෙන උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇද වැටෙන බව එම විදුහල් ආරංචි මාර්ග කියයි. 21 September 2022
උද්ධමනය තව ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අගෝස්තු මාසයේ සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.එය ජූලි මාසයේදී සියයට 66.7 ක් ලෙස සටහන් විය. 21 September 2022
ඩයනාගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය. 21 September 2022
සජබ සම්මේලනය නොවැම්බර් 26 සමගි ජන සන්ධානයේ පක්ෂ සම්මේලනය නොවැම්බර් මස 26 වෙනිදා පැවැත්ව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර ඇති සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුළුව මෙවර කොළඹදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 21 September 2022
සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 September 2022
’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’ කෝප්,කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය. 21 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025