සබරගමු පළාත් හිටපු ඇමැති රිමාන්ඩ්
රුපියල් කෝටි හතක රාජ්‍ය මුදලක් වංචනිකව පරිහරණය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළේය.