(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉකුත් කාලය පුරා විවිධ පුද්ගලයන් තියුණු ආයුදවලින් කපා බරපතල තුවාල සිදු කිරීමේ කල්ලිය මෙහෙයවූ "බබුවා" සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "ආමි චතු" නැමැත්තා ඇතුළු පුද්ගලයන් 11 දෙනකු විදේශීය රටක ජිව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි.

එම සැකකරුවන් පිරිස සමඟ විදේශීය රටක නිෂ්පාදිත  අත්බෝම්බයක් , කඩු පහක් හා අයිස් මත්ද්‍රව‍ය ග්‍රෑම් 35 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අද අලුයම 2 සිට7 දක්වා පුරා පැය 5 ක් රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන අසල අරලිය මහල් නිවාස සංකීර්ණය, අගුලාන සහ දෙහිවල වැල්ල ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.