ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි
කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය ’’ යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය .