(අංජුල මහික වීරරත්න)

කොළඹ කේන්ද්‍ර කර  ගනිමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන්  පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එම පොසොන් උත්සවය ජුනි 28 සහ 29 යන දෙදින කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම යටතේ  ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම පොසොන් කලාපය පැවැත්වීමට නියමිතය.

ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත, දන්සල් ඇතුළු ආගමික ප්‍රබෝධය සහ සංහිඳියාව වැඩිදියුණු කෙරෙන වැඩසටහන් රැසකින් සමන්විතය.